Colombo Today Local News

10වන වසරේ සිසුවිය එක්දරු පියෙකුගේ දරුවෙක් නිවසේදී බිහිකර මවක් වෙයි

එරාවුර් ප්‍රදේශයේ පිහිටි පාසලක 10වැනි වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක සිය නිවස තුළදී දරුවකු ප්‍රසූත කර ඇතැයි පොලිසිය පවසයි.

මේ හා සම්බන්ධව තොරතුරක් ලැබී එරාවුර් පොලිසියේ නිලධාරින් සහ නිලධාරිනියන් කණ්ඩායමක් එම නිවෙසට ප්‍රසූත කර සිටි බිලිඳු දරුවා සොයා ගෙන ඇත.

ඒ වන විට මෙම බිලිඳු දරුවා මියගොස් සිටි බව එරාවූර් පොලිසියේ නිලධාරියෙක් පවසයි.

ප්‍රසූත කිරීමෙන් පසු මෙම දරුවා මරා දැමුවේද එසේත් නැත්නම් කිසියම් හේතුවක් මත දරුවා ප්‍රසූත කිරීමේදී මරණය සිදුවී ඇද්දැයි යන්න සොයා ගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා බිලිඳාගේ සිරුර මඩකලපුව ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.

මෙම බාලවයස්කාර සිසුවිය ගැබිණියක් කල බව කියන විසිපස් හැවිරිදි එක්දරු පියෙක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු එරාවුර් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන සේවකයෙකි.

නිවසේ ඩෙංගු මදුරුවන් පරික්ෂා කිරීමට පැමිණි සෞඛ්‍ය කණ්ඩායමක් අතර සිටි බව කියන මෙම සැකකරු හඳුනාගෙන ඔහුත් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බවත්බාලවයස්කාර සිසුවිය පොලිසියට පවසා ඇතැයි කියති.

මෙම සිසුවිය ලබාදුන් ප්‍රකාශය අනුව සැකකරු අත්අඩංගුවට ගන්නා ලදැයි එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

මෙවර අලුත්ම ඡන්ද 947,606ක්

colombotoday

සජිත් ජනාධිපති වූ පසු පෘතුග්‍රීසි නීතියට කලින් තිබූ නීතිය

Admin

මානව හිමිකම් කවුන්සිලය දේශපාලන අශූචි වළක් – ඇමරිකාව UN මානව හිමිකම් කොමිසම කුඩුපට්ටම් කරයි

colombotoday

බහුතරය පිළිගන්නා නව කැබිනට් මණ්ඩලයක් පත් කරන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුගෙන් ජනපතිට ලිපියක්

colombotoday

කොටි සිරකරුවන් වෙනුවෙන් විපක්ෂ නායක සම්බන්ධන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනේ !

colombotoday

ඥාණසාර හිමියන්ට සිදුවු අසාධාරනය සම්බන්දව ජනතාව දැනුවත් කරමින් අත්පත්‍රකා ලක්ෂ 50ක් බෙදාදීම ඇරඹෙයි

colombotoday