Colombo Today Local News

ව්‍යවස්ථාදායක කාරක සභාවට අතිරේක සාමාජිකයෝ

“සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට අතිරේක සාමාජිකයන් නම් කරන ලද බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(5)දින පැවසීය.

ඒ අනුව, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, අ. අරවින්ද් කුමාර්, ගීතා සමන්මලී කුමාරසිංහ, අශෝක් අබේසිංහ, කිංස් නෙල්සන්, රෝහණ බංඩාර, නිපුණ රණවක, ජගත් සමරවික්‍රම යන මන්ත්‍රිවරයන් එම කාරක සභාවට පත් කරනු ලැබ ඇත.

එමෙන්ම, “නැගිටිමු නැගෙනහිර සංවිධානය (සංස්ථාගත කිරීම)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට අශෝක් ‍අබේසිංහ, නීතිඥ එස්.එම්.එම්. මුෂාරෆ්, සංජීව එදිරිමාන්න, කරුණාදාස කොඩිතුවක්කු, කිංස් නෙල්සන්, ගරු රෝහණ බංඩාර, නිපුණ රණවක, ඩී. වීරසිංහ යන මන්ත්‍රීවරුන්ද පත් කර ඇත.

Related posts

සමගී ජනබල වේගයෙන් නාම යෝජනා ලබා ගත් 54ක් එජාප යෙන් නෙරපයි

colombotoday

සේවය හැර ගිය සෙබළුන්ට සත් දින සමාකාලයක්

colombotoday

රාජිත එන්නත කලුබෝවිලෙන් විද ගෙන

colombotoday

අගමැති ගන්න කාර් දෙක මිලියන 600ක් වුණාට පාඩු නෑ.. බදු ආදායම රජයටයි

colombotoday

ජනපති බිම්ස්ටෙක් සමුළුව අමතයි

colombotoday

බදියුදීන්ගේ ඇමරිකානු ගිණුමට ශ්‍රී ලංකාවෙන් ඩොලර් ලක්ෂයක් !

colombotoday