Colombo Today Local News

ඇමරිකානු සහයෙන් රාජ්‍ය-පෞද්ගලික ඒකාබද්ධ ක්‍රමවේදය තවත් පුළුල් වෙයි

ravi-usaid

යෝජිත රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ක්‍රමවේදය තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බවත්,එය ඉදිරියේදී රටට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යොදාගන්නා බවත්, ඒ තුලින් විදේශ ආයෝජකයන් රටට ආකර්ශනය කර ගැනීමට බලාපොරොත්තු වන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඇමෙරිකානු ආධාර ආයතනය (UDAID) විසින් සංවිධානය කරන ලද කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවති සමුළුවක් අමතමින් ය.

මුදල් අමාත්‍යවරයා එහිදී පැවසුවේ,විශාල මුදල් සම්භාරයක් වියදම් කළ යුතු, මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති, විදේශ හා  පෞද්ගලික අංශයේ ආයෝජකයන්ට භාරදීමෙන් රජයේ ප්‍රාග්ධන වියදම් අවම කරගැනීමට හැකි බවයි.

සැලසුම්ගත රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති ක්‍රමවේදය තුලින් විශාල විදේශ ආයෝජන ප්‍රමාණයක් රට තුලට ඈදාගැනීමට හැකියාව උදා වන බවත්,එමඟින් රටට හා ජනතාවට පහසුකම් රැසක් ලබාගත හැකි බව පවසන අමාත්‍යවරයා කියා සිටියේ විදේශ ආයෝජකයන් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මුදල් යොදවන විට ඒ වෙනුවෙන් රජය දැරිය යුතු විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි වන බැවින් රජයට එම මුදල් ණය ලෙස ලබාගෙන ආපසු ගෙවීමට සිදුවන අපහසුතාවය මගහැරෙන බවයි.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කෙෂාප්, අමෙරිකානු ආධාර ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ තෝමස් බෙයාර්, දයා ගමගේ, ආචාර්ය හර්ෂ ද සිල්වා, රාවුෆ් හකීම්, ඩී.එම්. ස්වාමිනාදන් සහ ඉරාන් වික්‍රමරත්න යන අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යරු මෙම අවස්ථාව සදහා සහභාගී වී තිබේ.

Related posts

එජාප මැයි රැලියේ ෆොන්සේකා ගී ගයයි (Video)

colombotoday

පෞද්ගලික අංශ සේවක විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

colombotoday

“පාසල් අගෝස්තුවේ විවෘත කරනවා”

colombotoday

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 10ක්

colombotoday

ගෝල්ෆේස් අරගල භූමිය ආයෝජකයින්ට ලබා දී නෑ – ප්‍රසන්න රණතුංග

Admin

පළාත් සභා 06ක ඡන්ද පැවැත්වීමේ බලය 28දාට පසු ජනපති අතට

colombotoday