Colombo Today Local News

පාඨලීගේ 43 සේනාංකය සහ වෙල්ගමගේ පක්ෂය ඉදිරි ඡන්දයට එක්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරණ 43 වන සේනාංකය සහ කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරඟ කිරීමට ගිවිසුම්ගත වී තිබේ.

ඒ සඳහා වන ගිවිසුමකට ද පාඨලී චම්පික රණවක මහතා සහ කුමාර වෙල්ගම මහතා අද (16)දින අත්සන් තැබීය.

තම කණ්ඩායම් දෙක එක්ව පළාත් පාලන ආයතන කිහිපයකට තරඟ කරන බවත්, තවත් ආයතනවලට ස්වාධීනව අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් පාඨලී චම්පික රණවක මහතා මෙහිදී පැවසීය.

‘හෙලිකොප්ටරය’ ලකුණින් තරඟ කරන නිදහස් ජනතා සන්ධානයට ද සුබ පතන බව කී රණවක මහතා ඔවුන් සමඟ ද සාකච්ඡා කළ නමුත් යම් යම් කරුණු සම්බන්ධයෙන් එකඟතාවට පත්වීමට නොහැකිවීම නිසා වෙනම තරඟ කිරීමට තීරණය කළ බව සඳහන් කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී පොදු සතුරා විය යුත්තේ රට බංකොලොත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත්, සෙසු සියලු කණ්ඩායම්වලට සුබපතන බවත් හෙතෙම කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද මෙහිදී පැවසුවේ නිදහස් ජනතා සන්ධානයේ සිටින්නේ තම සහෝදර මන්ත්‍රීවරුන් බවයි.

Related posts

අයවැය පරදවා අලුත් ආණ්ඩුවක් නොවැම්බරයේදී. එජාපයේ ප්‍රබලයෙක් සමග මන්ත්‍රීවරු පිරිසක් එකා බද්ධ විපක්ෂයට ?

colombotoday

ජෙරම් ප්‍රනාන්දු දිවයිනට එයි

Admin

ධම්මිකගේ නමට මැතිවරණ කොමිසමේ අනුමැතිය… පාර්ලිමේන්තු යැවීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සියල්ල සූදානම්

colombotoday

රිෂාඩ් බදුර්දීන් ඇප පිට නිදහස්

colombotoday

සේවාවට බාධාවක් නම් වැඩ තහනම් කරන්න ඇමති කංචනගෙන් උපදෙස්

Admin

ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කරන්න. ස්‌පාඤ්ඤයේ නගර සභාවක් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්ගෙන් ඉල්ලයි

colombotoday