Colombo Today Local News

මැතිවරණ කොමිසමේ ලොක්කෝ සාලිය පීරිස් හොර රහසේ හමුවෙලා

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් රහසිගතව හමු වී සාකච්ඡාවක් පවත්වා ඇති බවට වාර්තා වී ඇති බවත් ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින බව ත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන පවසයි.

මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව කතා බහක් යන අවස්ථාවක ස්වාධීන ආයතනයක් වන මැතිවරණ කොමිසමට යම් යම් පුද්ගලයන් සමග රහසේ සාකච්ඡා කළ නොහැකි බව ද සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා මෙර ප්‍රදාන පිවත් පතකට පවසා තිබේ.

මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධව නීතිඥ සංගමය සමග මැතිවරණ කොමිසම රහස් සාකච්ඡා පැවැත්වීම කිසිසේත් ම අනුමත නොකළ යුතු බව ද එසේ සාකච්ඡා කරනවා නම් සාකච්ඡා කළ යුත්තේ නීතිපතිවරයා සමග පමණක් බව ද සහන් ප්‍රදීප් විතාන මන්ත්‍රීවරයා සදහන් කර තිබේ.

මෙවැනි සිද්ධි තුළින් සිදුවන්නේ මැතිවරණ කොමිසම හෑල්ලුවට ලක්වීමක් බව ද කොමිසමේ බෙදීමක් ඇති බවට ද මේ වන විට වාර්තා වී ඇති නිසා මෙම හමුව පිළිබඳ වහා ම විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද සහන් ප්‍රදීප් විතාන මන්ත්‍රීවරයා වැඩි දිරටත් සදහන් කර ඇත.

Related posts

මාධ්‍යයට තොරතුරු දුන්නැයි කොටහේන කෝවිලේ භාරකරුගේ නිවසටත් පහරදෙයි

colombotoday

බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් කෙරේ

colombotoday

Facebook සාදයක් වටලයි.. 17 හැවිරිදි ගැබිනියක් හා ආබාධිත පුද්ගලයෙකුත් අත්අඩංගුවේ

colombotoday

ඔලුවක් නැති කතානායකවරයෙක් එක්ක එජාපය තුනෙන් දෙක පෙන්නන්නේ සරම උස්සලා – ජයරත්න හේරත

colombotoday

අනුරුද්ධ සම්පායෝ අධිකරණයට රැගෙන එයි

colombotoday

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක්

colombotoday