Colombo Today Local News

පාසැල් සිසුන් ඉලක්ක කර මත් කරල් බෙදා හරින්නෙකු අත්අඩංගුවට

නැගෙනහිර පලාතේ පාසැල් සිසුන් සහ තරුණ පිරිස් ඉලක්ක කරගෙන මහා පරිමාණ මත්කරල් බෙදා හරින්නෙකු වාලච්චේන බිරන්දරච්චේන ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි මත්කරල් 2,500ක් සන්තකයේ තිබි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ට හමුවි ඇත.

මොහු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා මඩකලපුව අරසඩි, ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාලච්චේන පොලිස් ස්ථානයට භාර දී ඇත.

Related posts

මන්ත්‍රී සුපර්ස්ටාර් කිරුළ අනුරට.. දෙක හදුන්නෙත්ති.. මැතිසබේ වැඩිම ක්‍රියාකාරී මන්ත්‍රීලා මෙන්න

colombotoday

කුඹුරු අක්කර 11,757ක් වැස්සෙන් විනාසයි

Admin

ලුණුවිල පාසලක ගේට්ටුව අසල මළ සිරුරක්

Admin

ලක්ෂ 5ක අල්ලසකට පොඩි ලැසී ට දුරකථන පහසුකම් දුන් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාධනය වෙයි !

colombotoday

රහස් පොලීසිය මාධ්‍ය දඩයමක… “ඊනිව්ස්“ හුරතල් කර “දිවයින“ අධිකරණයට !

colombotoday