Colombo Today Local News

හිටපු ජනපති මහින්දගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

ගාලුමුවදොර පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එම තහනම දින දහයකට තාවකාලිකව අත්හිටුවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11)දින නියෝග කර තිබේ.

මෙම සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට පනවා ඇති එම තහනම තාවකාලිකව ඉවත් කර දෙන ලෙසට ඉල්ලීමක් කර ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරයා ද අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් සදහන් කර ඇත්තේ, ලබන 20 වැනිදා සිට 30 වැනිදා දක්වා අතර කාලයේදී තම සේවාදායකයාට විදෙස් ගත වීම සදහා අවසර ලබා දෙන ලෙසය.

ඉරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන මාර්තු මස 28 වැනිදා තෙක් කල් තබා ඇත.

Related posts

බ්‍රිතාන්‍ය කොටි තහනම දික් කරයි

colombotoday

රිෂාඩ්ගේ කාලේ සතොසේ සිදුව ඇති බිලියන ගණනක වංචා, දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධ ෆයිල් මිටි අතුරුදහන්

colombotoday

මහින්ද නව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමේ වැඩසටහන ඇරඹෙයි

colombotoday

දුම්රිය රියදුරන් පිරිසක් ධාවනයෙන් ඉවතට.

Admin

අති තරම් කන්න බොන්න දීලත් පන්දාහක්වත් කොළඹට ගේන්න බැරිවුණේ ඇයි? එජාප ප්‍රබලයන් කැළඹීමෙන්

colombotoday

ඔබට සතියකට හිමිවන තෙල් ප්‍රමාණය දැනගන්නේ මෙහෙමයි

colombotoday