වාහන ආනයන සීමා කිහිපයක් ඉදිරි සතියේදී ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4)දින පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.
එහිදී ශෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.
ඉදිරි සතියේදී පුද්ගලික වාහනවලට අදාල එච්.එස් කේත තුන්සිය හතරකට අදාළ සීමාකිරීම් හැර අනෙක් සීමාකිරීම් ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික පරිහරණය සඳහා තියෙන වාහනවලට. එච්.එස් කේත 299 කුත් වෙළෙඳ වාහන හැට හතකුත් සීමා ඉවත් කිරීමට අදාළ වෙනවා. පරණ ගත්ත තීරණය වෙනස් කළා.