Colombo Today Local News

ත්‍රස්තවාදයට චෝදනා ලැබු දෙදෙනෙකු අසාදු ලේඛනයෙන් ඉවත් කරයි

ත්‍රස්තවාදය හා ඊට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට ආධාර අනුබලදීම හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

අදාළ ඉවත් කිරීම ඊයේ (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, නික්ලාපිල්ලේ ඇන්තනී එමිල් ලක්ෂ්මි කාන්දන් හෙවත් රමේෂ් යන පුද්ගලයා අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඔහුට එරෙහිව අන්තර්ජාතික පොලීසිය විසින් රතු නිවේදනයක් ද නිකුත් කර ඇති බව සඳහන්ය.

ඊට අමතරව මුරුගේසු ශ්‍රී සන්මුගරාජා යන පුද්ගලයා ද අසාදු ලේඛනයෙන් ඉවත්කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ත්‍රස්තවාදය සහ ඒ හා සම්බන්ධ ක්‍රියාවලට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත 2014 වසරේ සිට මොවුන් දෙදෙනා අසාදු ලේඛන ලැයිස්තුවට ඇතුළත් කර තිබුණි.

Related posts

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ගැන මහ බැංකු අධිපති කළ හෙළිදරව්ව

Admin

සමාජ ආරක්ෂණ බද්ද අද සිට ක්‍රියාත්මකයි

colombotoday

මවගේ මළගමට පැමිණ ස්ප්‍රීතු වර්ගයක් පානය කළ සොහොයුරන් දෙදෙනා මරුට – තවත් අයෙක් රෝහලේ

colombotoday

ප්‍රාදේශීය සභා යන්න හිටපු කට්ටිය දැන් පාර්ලිමේන්තුවේ

Admin

ජනපතිට ශක්තිමත් බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් අවශ්‍යයි-ජී.එල් පීරිස්

colombotoday

හිටපු නීතිපති වෙනුවට නීතිඥයෙක් TIDය හමුවට

Admin