Colombo Today Local News

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් ගැසට් නිවේදනයක්

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් වැඩබලන ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවන් වියහැකි බව සැලකිල්ලට ගනිමින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව,

*විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්

*ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම

*රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කර තිබේ.

Related posts

සංචාරයකට ගිය ඇමැති බන්දුල ලෙඩ වෙයි

Admin

උතුරේ තියෙන්නේ සංවාද සාකච්ඡා

Admin

සජිත්ගේ ගම්උදාවෙන් රූපවාහිනියට කෝටි 10ක පොල්ලක් !

colombotoday

බූස්ස බන්ධනාගාරයේ රැදවියන්ගේ උපවාසය අවසන්

colombotoday

සපුගස්කන්දේ ඉන්ධන නිකුත් කිරීම අරඹයි

colombotoday

පක්ෂ නායක රැස්වීමේදී මනෝ ගනේෂන් ජනපතිගේ මුහුණටම කී‌ දේ

colombotoday