Colombo Today Local News

එකම පලිබෝධ නාශකය විවිධ නම්වලින් වැඩි මිලකට විකිණීම නියාමනයට ඇමතිගෙන් උපදෙස්

‍එකම පලිබෝධ නාශකය විවිධ නම්වලින් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව වහාම නියාමනයක් සිදු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාට උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ නොරොච්චෝලේ හා කල්පිටියේ ගොවි සංවිධානවල නියෝජිතයින් හමු වූ අවස්ථාවේ දීයි

එකම පලිබෝධ නාශකය විවිධ නම් යොදා ගනිමින් වැඩි මිලකට අලෙවි කිරීම නිසා ගොවීන් මහත් පීඩාවට පත්ව ඇති බවට මෙහිදී ගොවි සංවිධාන අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළ බවයි පැවසේ.

විශේෂයෙන් පලිබෝධ නාශක නම් කිරීමේ දී වල් නාශක හා කෘමිනාශකවල ඇතුළත් වන නාමයෙහි සියයට 75ක් එහි අඩංගු රසායනික නාමය ඇතුළත් වන සේ නාමකරණය කළ යුතුව තිබේ.

එහෙත් ඇතැම් ප්‍රදේශවල අලෙවි කරන පලිබෝධනාශකවල අඩංගු වන නාමයන් එසේ නොමැති බවත්, බොහෝ පලිබෝධ නාශක වගාවන්ට යෙදුව ද නිසි ප්‍රතිඵල නොලැබෙන බවත් ගොවීන් මෙහිදී පෙන්වා දී තිබෙන බවයි පැවසේ.

Related posts

හුසෙන් කුමරුට දුන් ප්‍රතිඥාව 1815 තරම්ම පාවාදීමක්… හිටපු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

සිව්දරු මවක් ගිනි තබාගෙන… තත්වය බරපතලයි

Admin

කොළඹ බස් හා දුම්රිය සේවා යළි ඇරඹේ

colombotoday

මැතිවරණ කොමිසමේ අද විශේෂ රැස්වීමක්

colombotoday

යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ගැන තීරණයක්

Admin

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

colombotoday