අලි සාහිර් මවුලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කළ බව මැතිවරණ කොමිසම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
පසුගියදා අධිකරණය ලබා දුන් නියෝගයක් මත, නසීර් අහමඩ් මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීම තුළ මෙම පත් කිරීම කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව අදාළ පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සිදුකොට ඇති බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.