Colombo Today Local News

ලන්ච් ෂීට් භාවිතය තහනම් කරන්න නිර්දේශයක්

ලන්ච් ෂීට් (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශ කර තිබේ.

ලන්ච් සීට් හේතුවෙන් සෞඛ්‍ය හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානිය සැලකිල්ලට ගෙන මෙම නිර්දේශය කළ බව එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 5 වැනිදා රැස් වූ අවස්ථාවේ මෙම නිර්දේශය කර ඇත.

මෙම කමිටු රැස්වීමට පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යන ආයතන වල නිලධාරීහු පිරිසක් එදින කැඳවනු ලැබ සිටියහ.

ලන්ච් ෂිට් භාවිතය නිසා සිදුවන පාරිසරික හානිය මෙන්ම ඒවායේ තැලේට් නම් පිළිකාකාරකය මිනිස් ජීවිතවලට එල්ල කරන බලපෑම පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.

මේ අනුව විකල්ප හඳුන්වාදීමට මාස හයක සහන කාලයක් ලබාදී ලන්ච් ෂීට් (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශ ලබා දුන්නේය.

ලොව කිසිදු රටක ලන්ච් ෂීට් භාවිතා නොවන බව පැවසූ පරිසර අමාත්‍යාංශ නිලධාරීහු ලන්ච් ෂීට් භාවිතයෙන් තොරවීමේ වැදගත්කම කාරක සභාවට පෙන්වා දුන්හ.

මේ අතර ප්‍රතිචක්‍රීකරණය සඳහා ප්ලාස්ටික් ‍බෝතල් ලබාගැනීම වඩාත් කාර්යක්ෂම කිරීමට නම් හිස් බෝතල්වලට යම් සැළකිය යුතු මුදලක් ලබා දියයුතු බව කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත කැටගොඩ, වෛද්‍ය තිලක් රා‍ජපක්ෂ, සහ වරුණ ලියනගේ යන මහත්වරුද සහභාගි වූහ.

Related posts

රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් සජිත් ජනපති තරගයෙන් ඉවත්වෙයි

colombotoday

ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ශ්‍රී ලංකන් මත්තලට ගොඩබස්වයි !

colombotoday

මහනුවර මුස්ලිම් පල්ලිවලට පොලිස් ආරක්ෂාව ! කෝච්චිය පොල්ගහවෙළින් නවතී

colombotoday

මුල් පියවර දේශීය යාන්ත්‍රණය සැකසීමයි.. අනිත්වා ඉන් පසුවයි.. ලංකාවේ දියුණුව පුදුමයි ! – බිස්වාල්

colombotoday

කන්න බොන්න නැති බෝගස්වැව අහිංසකයින්ට මරණ තර්ජන

colombotoday

එක්නැලිගොඩ නඩුවට, වසරක් සිරගතව සිටි බුද්ධි නිලධාරීන් 4කට ඇප.. තවත් 5ක් ඇතුලේ !

colombotoday