Colombo Today Local News

පෞද්ගලික බැංකු දෙකකට මූල්‍ය බුද්ධි ඒකකයෙන් දඩ

මෙරට පෞද්ගලික බැංකු 2කට මූල්‍ය බුද්ධි ඒකකය මගින් රුපියල් මිලියන 03ක (ලක්ෂ 30ක) දඩ නියම කර තිබේ.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ රෙගුලාසි යටතේ ‌මෙම දඩ නියම කර ඇත. 2016 අංක 1 දරන මූල්‍ය ආයතන රීති උල්ලංඝනය කිරීම් හේතුවෙන් මෙලෙස දඩ නියම කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතනයක් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකි ය.

Related posts

ජනපති මෛත්‍රීගෙන් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට ලිපියක්…

colombotoday

දිවි රැකදුන් හමුදාවට උතුරේ වැසියන්ගෙන් පැසසුම්…

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

ඇවන්ගාඩ් වෙනුවෙන් එජාප මන්ත්‍රීන් පෙරට එයි!

colombotoday

ධනුෂ්ක ගුණතිලකට ඩවුනින් මධ්‍යම අධිකරණයේදී ඇප ලැබෙයි

Admin

නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ රැඳවියන් 6ක් මරු දකී

colombotoday