Colombo Today Local News

“රණවිරුවො බේරගන්න කියල කැට හොල්ලනව.. නොදකින් විතරක්“ – හරීන් කියයි

හොරාකාපු ඇමතිවරු රණවිරුවා වෙනුවෙන් යැයි කියමින් අද කැට හොල්ල හොල්ලා යන බවත්, ඔවුන් හොරාකාපු සල්ලිවලින් එම රණවිරුවාට ලක්ෂ 20ක් ගෙවීමට හැකි බවත්, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා එ් බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂය සිරිකොතදී අද (21) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

එහිදී හෙතෙම පැවසුවේ “පහුගිය ආණ්ඩුවෙන් හොඳට හම්බ කරපු ඇමතිවරු කිහිපදෙනෙක් ළඟදි ඉඳන් කැට හොල්ලනවා. පුදුමාකාර ජාතික කරුණාවක් හිතට ඇවිල්ලා තමයි මේ කැට හොල්ලන්න පටන් අරං තියෙන්නෙ. හමුදා නිලධාරියෙක්ගෙ ප්‍රශ්නෙකට වන්දි සඳහා මුදල් එකතු කරන්න තමයි මේක කරන්නෙ. ලොකුම හාස්‍ය තමයි මෙච්චර හොරා කාපු හිටපු ඇමතිවරුන්ට ලක්ෂ 20 ක් නැද්ද අනේ කැට හොල්ලන්නෙ.. නොදකිං විතරක්. ඔය ලක්ෂ 20 දෙන්න බැරිද ගෙදරින් ගෙනල්ලා.” යනුවෙනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ අදාළ චෝදනාවට වැරදිකරු වූ හමුදා සෙබළා සම්බන්ධයෙන් නඩු පවරා ඇත්තේ ජී.ඇල් පීරිස් 1998දී අධිකරණ ඇමතිවරයා ලෙස කටයුතු කරද්දී බවයි.

2000 වසරේ සිට එම නඩුව ඇසීම ආරම්භ වී ඇති බවත්, මහින්දගේ කාලයේ එය 40 වරක් පමණ අසා ඇති බවත්, අපේ කාලයේ එහි තීන්දුව දුන් බවත්, පෙන්වාදුන් ඇමතිවරයා එසේ සත්‍ය තත්ත්වය දැන දැනත් ආණ්ඩුවට චෝදනා කරමින් පිරිසක් ඒ ගැන ජනතාවට අසත්‍ය ප්‍රචාර ගෙන යන බවට හෙතෙම චෝදනා කළේය.

 

Related posts

IOC ඉන්ධන මිලත් අඩු වෙයි

colombotoday

අගමැතිගෙන් පවරාගත් ආයතන දෙකක් ජනපති යටතට…

colombotoday

අලුතින් බාරගත් සභාපතිකම ගැන හර්ෂ කියූ දේ

colombotoday

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි | සුභ පතමින් රටපුරා බැනර්

colombotoday

පවිත්‍රා – ජීවන් කැබිනට් අමාත්‍යධුරවල දිවුරයි

Admin

එක්නැලිගොඩ නඩුවට සැකපිට තවත් රණශුර හමුදා බුද්ධි අංශ විරුවෙක් අත්අඩංගුවට

colombotoday