Colombo Today Local News

අගමැති අල්ලස් ලොක්කීගේ පඩිය වැඩිකරයි.. පරන තනතුරටත් අදාලව දීමනා ඩබල් වෙයි

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ කටයුතු කරන දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියට පමණක් පෞද්ගලික වන සේ ඇයගේ වැටුප් හා දීමනා වැඩි කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මෙම තනතුරට පත්වීමට පෙර ඇය අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරේ රාජකාරි කළ අතර එම තනතුරට හිමි මාසික වැටුප හා දීමනා හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට හිමි අමාත්‍යාංශ ලේකම්, දීමනාව, දුරකථන දීමනාව, ඉන්ධන දීමනාව, රජයේ නිල නිවාසයක් ලබා දී නොමැතිනම් නිවාස කුලී දීමනාව ලබා දීමට මෙහිදී පියවර ගැනීමට නියමිතය.

ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලැබී තිබෙන අතර ඇයගේ වැය බර රජයේ ඒකාබද්ධ අරමුදලින් ලබාදිමට නියමිතය. මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද ලැබී තිබේ.

විගණකාධිපතිවරයා විසින් සිය වැටුප වැඩිකර දෙන ලෙස මීට පෙර ඉල්ලීමක් කර තිබුණු අතර එය ප්‍රතික්ශේප කළ අගමැතිවරයා “පඩි මදිනම් වෙනත් රැකියාවක් සොයා ගැන්නැයි ඔහුට දැන්වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

Related posts

වහාම මිහින්තලය පුද්බිමට ආරක්ෂාව ඉල්ලා මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Admin

නාගහනන්දගෙන් ප්‍රතිශෝධන ‌‌පෙත්සමක්

colombotoday

හිරුණිකාගේ නඩුව යළි විභාගයට – පැහැරගැනීමට ලක්වු අමිල සාක්කි දෙයි

Admin

ඤාණසාර හිමි හිරකරේ ජාත්‍යන්තර මැදිහත්වීමකින්…

colombotoday

මත්පැන් සාදයකදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කරයි

Admin

ඤාණසාර හිමිට අද ඇප නොලැබෙයි… ඇපෑල සලකා බැලීම කල් යයි…

colombotoday