Colombo Today Local News

අච්චු ගහලා සල්ලි බෙදලා රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. උද්ධමනය වැඩි වෙලා. පාන් ගෙඩියක් ගේන්න කරත්තයකින් සල්ලි ගෙනියන්න වෙයි

සල්ලි අච්චු ගසා මුදල් බෙදා දීමෙන් රටේ ඩොලර් ප්‍රශ්නයට හෝ ආර්ථික ප්‍රශ්ණයට විසදුම් සෙවිය නොහැකි බව විජ්ජා පෙන්වන ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා තේරුම් ගත යුතුව ඇතැයි සමගි ජන බලවේගය සහකාර ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

ආණ්ඩුවේ ජනප්‍රිය තීරණ හේතුවෙන් හෙට අනිද්දා වන විට පාන් ගෙඩියක් මිලදී ගැනීම කරත්තයක මුදල් පුරවා ගෙන යාමට ජනතාවට සිදුවනු ඇතැයි ද ජයවර්ධන මහතා කියයි.

රටේ පවතින ආර්ථික අර්බුදයට ඩොලර් අර්බුදයට පැලැස්තර තාවකාලික විසඳුම් ලබාදෙන මේ විජ්ජාව කරන්න එපා කියා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා…

“මේ වෙනකොට රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිවෙලා තියෙනවා. උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළ යමින් හැම භාණ්ඩයකම මිල තුන් ගුණයකින් වැඩි වෙලා. මේ වෙන විට අත්‍යවශ්‍ය භාණ්ඩ වගේම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිලත් වැඩි වෙලා. එවන් තත්ත්වයක් තිබියදී මුදල් ඇමතිතුමා ඇමරිකාවේ ඉඳන් ඇවිත් නින්දෙන් අවදිවෙලා වගේ එකපාරම රුපියල් පන්දාහක් දුන්නා. ඒ ගැන අපි සතුටුයි. අද උද්ධමනය වැඩි වෙලා රුපියලේ අගය අඩු වෙලා රුපියල් 5000කින් ජනතාවට මොකක්ද කරන්න පුළුවන් කියන ගැටලුව මතු වෙලා තියෙනවා. ගෑස් සිලින්ඩරයක් අරගෙන සැමන් ටින් කිහිපයක් ගත්තම හාල් කිලෝ පහක් දහයක් අරන් එළවළු කිහිපයක් ගත්තම පන්දාහ ඉවරයි. එළවළු ගන්න වෙලා තියෙන්නෙ ග්‍රෑම් ගණන් වලට. රුපියල 5000ක් දීලා ඒ විජ්ජාවෙන් මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ.

මේ රටේ රාජ්‍ය සේවකයෝ ලක්ෂ දාසයක් ඉන්නවා. විශ්‍රාමිකයන් ලක්ෂ හයක් පමණ ඉන්නවා. සමෘද්ධිලාභීන් මිලියන 2.2 ඉන්නවා. බියගම තියෙන සල්ලි අච්චු ගහන මැෂිමෙන් අච්චු ගහලා සල්ලි බෙදලා රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. මේ 5000 වැඩි කිරීමෙන් රාජ්‍ය නිලධාරීන්ට විතරක් බිලියන 9.48ක් අච්චු ගහන්න වෙනවා. පෞද්ගලික අංශය, කම්කරුවෝ, ශ්‍රමිකයෝ, ධීවරයෝ, මේ රටේ තේ දලු නෙලන කාන්තාවගේ ඉඳන් අහිංසකද රෙදිපිළි කර්මාන්තයේ නියැලෙන සංචාරක ක්ෂේත්රයේ නියැළෙන අයට රජය ගෙන ඇති විසදුම මොකක්ද කියලා අපි අහනවා. මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බඩගින්න මාධ්‍යවේදීන්ගේ බඩගින්න මේ ආණ්ඩුවට තේරෙන්නේ නැද්ද?

රටේ පවතින ආර්ථික අර්බුදයට ඩොලර් අර්බුදයට පැලැස්තර තාවකාලික විසඳුම් ලබාදෙන මේ විජ්ජාව කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. සල්ලි මැෂිම තියෙනකං අච්චු ගගහා බෙදයි. හැබැයි ඩොලර් අච්චු ගහලා අපිට තියෙන ඩොලර් අර්බුදය විසඳන්න මේ අයට බැහැ. ඒ සඳහා නිෂ්පාදක ආර්ථිකයක් මූලික කරගත් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍යයි.

Related posts

සම්බන්ධන්ලාගේ ෆෙඩරල් නාඩගමේ සැබෑ අරමුණ හදුනාගනිමු !

colombotoday

යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප බිරියන්ටත් දෙන්න තීරණයක් !

colombotoday

සැරයන්වරයකු හෙරොයින් සමඟ මාට්ටු

Admin

වම්බටු ගෙඩි 4ක් රු 100යි.. සියළුම එළවලු තොග කිලෝව රු 100 පනී !

colombotoday

අට හැවිරිදි මිනිබිරියට දෙවසරක සිට අතවර කළ සීයා අත්අඩංගුවට

colombotoday

ජල ගාස්තුවත් ළගදීම වෙනස් වෙයි !!

colombotoday