Colombo Today Local News

රණවිරුවන් දංගෙඩියට ගෙන යන රෝම සම්මුතියට ශ්‍රී ලංකාව ඇතුල් කිරීමට UN යාළුවෝ සැරසෙයි

ff22ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අදාළ රෝම සම්මුතිය අත්සන් කිරීමට ශ්‍රී ලංකාව ක්‍රියා කළ යුතු යෑයි දන්වමින් එක්‌සත් ජාතීන්ගේ අතුරුදන් වූවන් පිළිබඳ ක්‍රියාකාරී කමිටුව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත සිය වාර්තාව ඉදිරිපත් කරමින් නිර්දේශ කර ඇත.

මෙම රෝම සම්මුතියට අත්සන් කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රතික්‌ෂේප කර තිබිණි.

එම රෝම සම්මුතිය මත අතුරුදන් කිරීම්වලට වගකිව යුතු ආරක්‌ෂක අංශ සාමාජිකයන් හා අතුරු හමුදා සෙබළුන්ද, හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයට බාරදිය යුතු වේ.

මෙම ජාත්‍යන්තර අධිකරණයට ඇමරිකාව, ඉන්දියාව, චීනය සහ රුසියාව යන රටවල් එකඟ වී නැත.

මේ හැර අතුරුදන් වූවන් සෙවීමට ජාත්‍යන්තර හයිබ්‍රිඩ් අධිකරණයද ස්‌වාධීන කළ යුතු බව එක්‌සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව නිර්දේශ කර තිබේ. එසේම අතුරුදන් වූ බව කියන සියලු දෙනාටම පූර්ණ වන්දියක්‌ ගෙවිය යුතු බවද එම වාර්තාවෙන් ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර ඇත.

එක්‌සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව තම වාර්තාවට නිර්දේශ 53 ක්‌ ඇතුළත් කර මාස 3 ක්‌ තුළ සිය නිර්දේශ ඉටුකළ යුතු බව දන්වා තිබේ.

අතුරුදන් වූවන් සෙවීම සඳහා ස්‌ථාපිත කළ යුතු හයිබ්‍රිඩ් අධිකරණ යාන්ත්‍රණයට විදේශ විනිසුරුවන් අභිචෝaදකයන් පත්කළ යුතු බවද එහි දක්‌වා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

පෞද්ගලික අංශ සේවක විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

colombotoday

මුලතිව්වට කාලගුණ විද්‍යා කාර්යාලයක්..

colombotoday

හම්බන්තොට ඉඩම් චීනයට දෙන්න “රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව“ පිහිටුවයි

colombotoday

මියන්මාරයේ අමරපුර ඇති ලොව ප්‍රථම ජේඩ් දාගැබ !

colombotoday

“පොලිතින් එපා” ආණ්ඩුකාරවරයා බදුල්ලේ ජනතාව දැනුවත් කරයි.

colombotoday

බොරු මැණික් පෙන්වා රන් හුවමාරු කළ තුනකට වැඩ වරදී

Admin