Colombo Today Local News

නාමල් බස් වලට සහනයක් ඉල්ලයි

යම් නීති මාලාවකට යටත්ව, ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් බස් රථ සහ ත්‍රිරෝද රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

බස් රථ හා ත්‍රිරෝද රථ අලංකරණය කිරීම වෙනම කර්මාන්තයක් මෙන්ම කලාවක් බවත් පැවසූ නාමල් රාජපක්ෂ කියා සිටියේ, ජනතාවට හානි නොවනවා නම් බස්රථ හා ත්‍රිරෝද රථ අලංකරණය කිරීමෙහි කිසිදු ගැටළුවක් නොමැති බවයි.

එමෙන්ම මාර්ග නීති කඩ කිරීමට මෙන්ම ජනතාවට අපහසුතාවක් ගෙන දෙන ක්‍රියා සඳහා ඇති නීති එලෙසම ක්‍රියාත්මක කළ යුතු බව නාමල් රාජපක්ෂ පැවසීය.

නමුත් ජනතාවට හානි නොවන ආකාරයේ අලංකරණ කටයුතුවල නිරත වී ඇති බස්රථවලට හා ත්‍රිරෝද රථවලට සහනයක් දෙන මෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා පැවසීය. මාර්ග බලපත්‍රවලට පිටින් හා බස්රථ බලපත්‍රවලට පිටින් නොයන බස් රථ අලංකරණ කටයුතු සිදුකිරීම වරදක් නොවන බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසයි.

Related posts

හිටපු ඩී.අයි.ජී අනුර සේනානායකට මිනීමැරීම් චෝදනා

colombotoday

හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුවරයෙකුගේ මළසිරුර දින තුනකට පසු හමු වෙයි

Admin

ආණ්ඩුව සැරසෙන්නේ පාර්ලිමේන්තු භූමදානයකටද?

Admin

බලපිටියේ පොලිසියට පහර දීමක්. අහසටත් වෙඩි

colombotoday

ඊයේ පුත්තලමේදී හමුවූ කොරෝනා ආසාදිතයින් 10 ක් අයි ඩී එච් රෝහලට

colombotoday

වයඹ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුරුණෑගල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

colombotoday