කොටි සංවිධානයේ හිටපු නායකයකු වන ත්‍යාගරාජා දිලීපන් නමැත්තාගේ 29 වැනි සමරුව, හිටපු කොටි සාමාජිකයන්ගෙන් සමන්විත ප‍්‍රජාත්නත‍්‍රවාදි විමුක්තිකාමි පක්ෂ සාමාජිකයින් ඊයේ (15) සිදුකර ඇත.
සිංහල ජනතාව උතුරෙන් පලවාහරින ලෙස බලකරමින් හා ඉන්දීය රජය එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සාකච්ඡා කළ යුතු බවට ඉල්ලමින් යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිට උපවාසයක් පවත්වමින් සිටියදී තිලීපන් මිය ගියේ 1987 අගෝස්තු 26 වැනිදායි.
ඔහු උපවාස කරමින් සිටින අවස්ථාවේ එල් ටි ටි ත්‍රස්තවාදී සංවිධාන නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ද දිලීපන් හමුවීමට පැමිණ ඇත. දිලීපන් යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුවෙකු ලෙස සිට අවස්ථාවක එල් ටි ටි සංවිධානය වෙත එක්ව සිටියහ.