Colombo Today Local News

පොලිස්පති රිවර්ස්

රථවාහන තදබදය අවම කිරීම සඳහා ආලෝක සංඥා පුවරු අක්‍රීය කර රථවාහන හැසිරවීම අත්හිටුවමින් වැ.බ. පොලිස්පතිවරයා කලින් නිකුත් කළ චක්‍රලේඛය ඉවත් කරමින් ආලෝක සංඥා පුවරු අක්‍රීය කර රථවාහන හැසිරවීමට පොලිස් නිලධාරීන්ට යළි හැකි බවට අලුත් චක්‍රලේඛයක් වැ.බ. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත් කර තිබේ.

මේ පිළිබඳව කළ නිරීක්ෂණවලදී රථවාහන තදබදය වැඩිවන බව පෙනී ගොස් ඇති නිසා මෙම පියවර ගෙන ඇති බවත් ඉදිරියේදී මොරටුව විශ්වවිද්‍යාලය හා අනෙකුත් පාලන ආයතන සමග සම්බන්ධීකරණය වී රථවාහන ගමනාගමනයට ගැළපෙන පරිදි ආලෝක සංඥා පුවරු යාවත්කාලීන කිරීමට තීරණය කර ඇති බවත් එහි දැක්වේ.

එමෙන්ම, මෙම රථවාහන සංඥා ආලෝක පුවරුවල සැකසිම් (Program) තත්ත්කාලයට ගැළපෙන ලෙස මොරටුව විශ්වවිද්‍යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ අදාළ පළාත් පාලන ආයතනය විසින් යාවත්කාලීන කර නොමැති බවට නිරීක්ෂණය වූ අතර, අධිපැය රාජකාරි කාලයට ගැළපෙන ලෙස ආලෝක සංඥා යාවත්කාලීන කර නොමැති බවට ද තහවුරු වී ඇති බව එහි දැක්වේ.

නෝමන් පලිහවඩන

Related posts

විග්නේෂ්වරන් ඉවතට ! උතුරේ නව මහඇමති ශිවාජිලිංගම් ??

colombotoday

“නිව්යෝක් ටයිම්ස්” පුවත චීන තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

colombotoday

මත් කුඩු සමග කතක් අත්අඩංගුවට

Admin

රාජ්‍ය සේවකයන්ට විදේශ රැකියා සඳහා පිටත්ව යාමට ඇති බාධා ඉවත්කිරීමට රජයේ අවධානය

colombotoday

රිෂාඩ් මුත්‍රා කරන්නේ බෝතලේකට… යාච්ඤා කරන්න වතුර නෑ.. අබමල් රේණුවකවත් සාක්ෂි නෑ.. සමගි ජන බලවේගය රිෂාඩ් බේරාගන්න දගලයි

colombotoday

වඳ සැත්කම් චෝදනාවට ලක්වූ වෛද්‍ය සාෆි සහබ්දින් හිඟ වැටුප් ද සමගින් නැවත සේවයේ පිහිටුවයි

colombotoday