Colombo Today Local News

හිටපු ජනාධිපතිවරුන්ගේ හමුදා ආරක්ෂාව ඉවත් කරයි

හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති හමුදා ආරක්ෂාව ලබන සතියේ සිට ඉවත් කරන බව මහජන ආරක්ෂා අමාත්‍ය ආනන්ද විජයපාල මහතා සඳහන් කරයි.

එතැන් සිට පොලිස් ආරක්ෂාව පමණක් ඔවුන්ට ලබා දෙන බවද ඔහු කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

“අදත් හිටපු ජනාධිප මහින්ද රාජපක්ෂ මහතාට පොලීසියේ 60ක් සහ ත්‍රිවිධ හමුදාවේ 228ක් වශයෙන් නිලධාරීන් ආරක්ෂාවට සහ අනෙකුත් කටයුතුවලට යොදලා තියෙනවා. මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට හමුදා නිලධාරීන් 4ක් සහ පොලිස් නිලධාරීන් 60ක් ආරක්ෂකයින් වශයෙන් යොදලා තියෙනවා.

ගෝඨාභය හිටපු ජනාධිපතිවරයා අදත් ත්‍රිවිධ හමුදාවේ 188ක් සහ පොලීසියේ 22ක් ආරක්ෂාව සඳහා සපයා දී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට හමුදා නිලධාරීන් 57ක් සහ 60 යොදවලා තියෙනවා, චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරයාට පොලිස් නිලධාරීන් 60ක් ද හේමා ප්‍රේමදාස මැතිනියට පොලිස් නිලධාරීන් 10ක් ද වර්තමානයේ ආරක්ෂාව සඳහා පවතිනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශ මැතිතුමාට ආරක්ෂාව සපයලා තියෙනවා ආයතන 3කින්. එකක් ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජනාධිපති කාර්යාලය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය මාස එකොළහමාර තුළ විතරක් ත්‍රිවිධ හමුදාවෙන් මිලියන 328ක්, පොලීසියෙන් මිලියන 327ක් වැය බරක් දරලා තියෙනවා. ජනාධිපති කාර්යාලයෙන් මිලියන 55ක් දරලා තියෙනවා. ඒ අනුව රුපියල් මිලියන 710ක් මාස 11ක් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් දරලා තියෙනවා.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවෙන් මිලියන 6ක්, පොලීසියෙන් මිලියන 185ක් ජනාධිපති කාර්යාලයෙන් මිලියන 16ක් වශයෙන් මිලියන 207ක වැය බරක් දරලා තියෙනවා.

ඒ වගේම ගෝඨාභය රාජපක්ශ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව මිලියන 258ක් පොලීසිය මිලියන 39ක් ජනාධිපතිකාර්යාලයෙන් මිලියන 10ක් වශයෙන් සම්පූර්ණව රුපියල් මිලියන 307ක් වැය බරක් දරලා තියෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව මිලියන 19ක්, පොලීසිය මිලියන 60ක් ජනාධිපති කාර්යාලයෙන් මිලියන 3ක් වශයෙන් මේ මාස තුනට රුපියල් මිලියන 82ක් දරලා තියෙනවා.

චන්ද්‍රිකා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව වැය බර දරලා නෑ. පොලීසිය මිලියන 99යි, ජනාධිපති කාර්යාලය මිලියන 12යි සම්පූර්ණ වියදම රුපියල් මිලියන 112යි.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව වැය බර දරලා නෑ. පොලීසිය මිලියන 30යි, ජනාධිපති කාර්යාලය මිලියන 03යි, සම්පූර්ණ මුදල මිලියන 32යි.

ඒ අනුව ගරු කථානායකතුමනි සම්පූර්ණ මුදල රුපියල් මිලියන 1448ක් මේ මාස එකොළහමාර ඇතුළත වැය බරක්, ජනතාවගේ මුදල් මේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වැයබර සඳහා රජය වැය කරලා තියෙනවා. මේක ඉතාම අසීරු තත්ත්වයක්.”

Related posts

ලංකාවේදී බොරතෙල් පිරිපහදු කර බංග්ලාදේශයට තෙල් යවන්න ඉන්දියාව මාන බලයි

colombotoday

යූ.එන්.පී. පත්වීම් 5000ක්‌ ජනපති අණින් නවතී

colombotoday

“මීළග ශ්‍රීලනිප මැයි රැලිය ඒකාබද්ධය සමගයි.. එජාපය කුජීත වුණා“ – ශ්‍රීලනිප ඇමතිලා කියන කතා

colombotoday

වික්ටර් රත්නායකගේ බිරිය යළි රිමාන්ඩ්

colombotoday

හුසේන්ගේ තවත් බොරුවක් අතේ පත්තුවෙයි.. පොකුරු බෝම්බ චෝදනා අසත්‍ය බව තහවුරුයි

colombotoday

HIV ව්‍යප්තියේ වැඩිවීමක් මෙම වසරේ සිට වාර්තාවිය හැකි – නීතිවේදී කෞශාල් රණසිංහ

colombotoday