Colombo Today Local News

මට ආචාර්ය පට්ටමක් දුන් කෙනා සොයනු

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

“මම අවුරුදු 25ක නීතිඥ කේෂ්ත්‍රයේ යෙදී සිටින නීතිඥවරයෙක්. මම කවදාවත් මගේ නම ඉදිරියෙන් ආචාර්ය කියලා සඳහන් කරලා නෑ. විසිටින් කාඩ් එකක්වත් ගහලා නෑ. මම පුරවපු ජීවදත්ත තොරතුරු පත්‍රිකාවෙත් මම පැහැදිලිව එය නිවැරදි කරලා තිබුණා. ආචාර්ය පදවියක් තිබුණේ නෑ.

කොහෙන්ද මේක එන්නේ. සියල්ල සමස්තයක් ලෙස අරන් බලද්දි ඕනෑම කෙනෙකුට සැකයක් මතුවෙනවා මාව අපකීර්තියට පත්කරන්න එහෙම නැත්නම් මගේ දේශපාලනය ගැන තියෙන විශ්වාසය බිඳදැමීමට ව්‍යාජ දත්ත ඇතුළත් කරාදැයි සාධාරණ සැකයක් ඕන කෙනෙක් මතුවෙනවා.”

කෙසේ වුව ද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය එය තොරතුරු ඇතුළත් කිරීමේ දී තමන් අතින් සිදුවු වැරදීමක් ලෙස ප්‍රකාශයට පත්කරමින් නිවේදනයක් නිකුත් කර තිබිණි.

Related posts

විදේශ කටයුතු ඇමති අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය අමතයි

colombotoday

සහරාන්ගේ කණ්ඩායම සමග සබඳතා පැවැත්වූ 10ක් ආරක්ෂක අංශ භාරයට

colombotoday

මද්‍රසා පාසල් නියාමන පනතේ කෙටුම්පත කඩිමුඩියේ අගමැතිට… අධ්‍යාපන බලධාරීන් කිසිවෙක් නෑ….

colombotoday

මැතිවරණ කොමිසමේ ලොක්කෝ සාලිය පීරිස් හොර රහසේ හමුවෙලා

Admin

කෝප් කමිටු සභාපතිකම නැවතත් හදුන්නෙත්තිට !

colombotoday

හිටපු ඇමතිලා හතරක් සී.අයි.ඩීයට

Admin