Colombo Today Local News

ඇඟිල්ලක් නිසා ඡන්ද මධ්‍යස්ථානයක් උණුසුම්

අද පැවැත්වෙන මහ මැතිවරණ ඡන්ද විමසුමේදී වවුනියාවේ වෙලිකුලම විද්‍යාලයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්ද දායකයෙකුගේ වැරදි ඇඟිල්ලක් පාට කිරීම හේතුවෙන් නොසන්සුන්තාවයක් හටගෙන ඇත.

පළමු පැය දෙක තුළ ඡන්දය ප්‍රකාශ කලේ යයි සනාථ කිරීමට සුළඟිල්ල පාට කර ඇතත් ගිය ජනාධිපතිවරණයේදීද පාට කළ සුළැගිල්ලේ තීන්ත මැකී නැතිව තිබියදී අදද එම ඇඟිල්ල පාට කිරීම නිසා මෙම තත්වය ඇතිව තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් එහි ස්ථානාධිපතිවරයාටත් මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවලටත් පැමිණිලි කොට තිබේ.

වෙනත් ඇඟිල්ලක් පාට කිරීම සම්බන්ධයෙන් ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණගාටුව පල කිරීමනේ පසු නොසන්සුන්තාවය සමනය වී ඇත.

Related posts

රටට ආදරය කරන, දේශීයත්වය අගයන, දූෂණයෙන් තොර අගමැතිවරයෙක් අවශ්‍යයි….

colombotoday

19 සංශෝධනය කරන්න සූදානම් – ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

ජීවිතේට රනිල් යලි අගමැති කරන්නෑ – ජනපති විදෙස් මාධ්‍යටත් කියයි

colombotoday

නුවරඑළිය හැඩකරමින් මල් තුහින තත්ත්වයක්

Admin

වැලිකඩ රිය අනතුර ගැන දුරකතන අංක 20 ක විශ්ලේෂණ වාර්තාවක් ඉල්ලයි

colombotoday

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා ගැන චීනයේ ප්‍රතිචාරය

colombotoday