සොරකම, දූෂණය, නාස්තියෙන් අපවිත්ර වී තිබූ රට අද නව පුනරුද මාවතක ගමන් කරමින් ඇතැයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා පවසයි.
පෙර පැවති ජනාධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය සමග එක්නොවූ බොහෝ පිරිසක් ද නව වැඩපිළිවෙලට සහාය දෙමින් සිටින බවත් ඒ මහතා කියයි.
ඔහු මෙසේ පැවසුවේ තඹුත්තේගම දී පැවති ජන හමුවක් අමතමිනි.