Colombo Today Local News

ශානිට අලුත් පට්ටමක්

හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව කොන්ත්‍රාත් පදනම මත නැවත පොලිස් සේවයට පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබේ.

ඒ, ඊයේ (10) සිට ක්‍රියාත්මක වන පරිදි වසරක කාලයක් සඳහා ය.

ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීන් ලෙස ශානි අබේසේකර මහතා හැඳින්විය හැකිය.

කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙකු වූ ඒ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේය. 

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ රතුපස්වල වෙඩි තැබීම වැනි විමර්ශන සිදුවූයේ ශානි අබේසේකරගේ අධීක්ෂණය යටතේය.

එම සිදුවීම්වලට අමතරව රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනීමැරුම, උඩතලවින්න ඝාතනය හා මොහොමඩ් සියාම් ඝාතනය වැනි ආන්දෝලනාත්මක මිනීමැරුම් ගණනාවක අබිරහස් හෙළිකරගත් විමර්ශන කටයුතුවල නියැළුණු නිලධාරියෙක් ලෙස ද ශානි අබේසේකර හැඳින්විය හැකිය.

Related posts

සිංහල ජනතාවට උතුරු නැගෙනහිර ඉඩම් ලබාදීමට විරෝධය පළ කරමින් හර්තාල් ව්‍යාපාරයක්

Admin

අතුරුගිරියේ වෙඩිතැබීමෙන් ක්ලබ් වසන්ත මරුට

Admin

වසරේම රාජ්‍ය වියදමට වඩා මුල් මාස හතරේ ණය අරන්

Admin

සාද් ශරාෆ් මස් වැද්දා දඩ කෙළියේ ලෝක උරුම වන බිමකයි.. වතගොත හෙළිවෙයි

colombotoday

නිරෝධායනයට ලක් කොට සිටින පිරිසට ජන්දය දැමීමට අවස්ථාව නැහැ

colombotoday

දින පහකට පාර්ලිමේන්තුවට පත්වූ පිරිමි නර්ස් රජයෙන් ලැබුණු වාහන බලපත්‍රය කෝටි හයකට විකුණලා.

colombotoday