Colombo Today Local News

රනිල්ගේ යෝජනාවක් අහෝසියි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමි වීමට වසර 10ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව අහෝසි වී තිබේ.

ඒ, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව පෙර පැවැති ලෙස පාර්ලිමේන්තු නියෝජනය කර වසර 05ක් සම්පූර්ණ කළ විට මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමිවන නීතිය බලාත්මක බව ද ඇය සඳහන් කළාය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 සඳහා වූ අයවැය ඉදිරිපත් කරමින් 2023 නොවැම්බර් මස 13 වැනිදා අයවැය යෝජනාවක් ලෙස අදාළ විශ්‍රාම වැටුප් හිමිකම් යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර වත්මන් ජනාධිපති අනුර දිසානායක පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග මෙම යෝජනාව න්‍යාය පුස්තකයෙන් අහෝසි විය.

Related posts

අතුරුදන් වූවන් සොයන පනත සම්මත වීම විශාල ජයක්.. නෝවේ අගමැතිණිය TNA ට කියයි

colombotoday

‘පැහැර ගැනීම සිදුවූ දවසේ මම හිටියේ රාජිතත් එක්ක’ – හිරුණිකා.. ‘මම එදා හිටියේ රට’ – රාජිත

colombotoday

මරදාන ශාන්ත ජෝශෆ් විදුහලේ ගින්නක්

colombotoday

රටපුරා අනවසර මුස්ලිම් පල්ලි පන්සීයක්

colombotoday

පාර්ලිමේන්තුවට යට කරන්නේ ගෙවල් 2000ක සල්ලි – සජිත්

colombotoday

ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන 6ක් අමාත්‍ය නාමල් රාජපක්ෂ යටතට

colombotoday