Colombo Today Local News

කාංචන කොමිස් ගහන කතාවක් මම කිවුවේ නෑ

පෙට්‍රල් ලීටරයක් සඳහා බදු ඉවත්කළ පසු රුපියල් 120ට ෙළඳපොළට නිකුත් කළ හැකි බවට තමන් විසින් ප්‍රකාශයක් කර නැතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

එවන් ප්‍රකාශයක් තමන් කළේ යයි කිසිවකු පවසන්නේ නම් අදාළ වීඩියෝව ප‍්‍රසිද්ධ කරන්නයි අභියෝග කරන බවද හෙතෙම කියා සිටී.

තමන් විසින් කලා යැයි පැවසෙන එකී ප්‍රකාශය පදනම් කරගෙන විවිධ අසත්‍ය ප්‍රවෘත්ති මේ වන විට නිර්මාණය වෙමින් ඇති බවත් එවන් ප්‍රකාශයක් තමන් විසින් සිදු කර නොමැති බවත් තමන් වගකීමෙන් කියා සිටීම පවසන බවද ඔහු සඳහන් කරයි.

සමාජ ජාල වල හුවමාරු වන වාර්තාවේ සටහන් වන්නේ බදු ඉවත් කළ පසු පෙට්‍රල් ලීටරයක් රුපියල් 120ට ලබා දිය හැකි බවත් තම පාලනයක් යටතේ වසරක් යනතුරු ජනතාවට සහනයක් ලෙස එම මිලට ලබා දෙන බවත්ය. පෙට්‍රල් ලීටරයකින් බදු ගසන මුදල කංචන විජේසේකර හිටපු අමාත්‍යවරයාගේ සාක්කුවට ගිය බවද එම සටහනේ දැක්වෙයි.

Related posts

ඇප අයඳුම්පත් සලකා බලන්න අලුත් ක්‍රමයක්

colombotoday

සුනිල් රත්නායකට සමාව දීම අසාධාරණ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කියයි.

colombotoday

ජනපතිට ඡාත්‍යන්තර සම්මානයක්

colombotoday

මගින් හතළිහකට අධික පිරිසක් සිටිද්දී හොරණ බසයක් ගිනි ගනී

Admin

ලංකාවේ සියලු නීති වලට ගරු කරන්න සංචාරකයන්ට පිස්සු නැ…

colombotoday

අගමැති රනිල්ව පතුරු අරින සිරසේ, සමූහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක එජාප මන්ත්‍රී මරික්කාර් !

colombotoday