Colombo Today Local News

සමගියේ ආර්ථික කණු තුන ගැලවෙන ලකුණු

සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු එම පක්ෂයෙන් ඉවත් වීමට සූදානමක ඇති බව වාර්තා වෙයි.

අදාළ මන්ත්‍රීවරුන් තිදෙනා ගත වූ ජනාධිපතිවරණයේදීත් ඊට පෙර සිටත් දිගින් දිගටම රනිල් වික්‍රමශීලන පාර්ශවය සමඟ එක්වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සිටි අයයි.

ජනාධිපතිවරණයෙන් පසුද එම පිරිස එකී යෝජනාව ඉදිරිපත් කරද්දී ඔවුන්ට එල්ල වූ දැඩි විරෝධය මත කළකිරීමට පත්වූ ඔවුන් මෙම පියවර ගැනීමට සූදානම් වෙයි.

ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට පවා ඔවුන්ට නාම යෝජනා ලබාදීමටද පක්ෂයේ ඇතැම් පිරිස් විරුද්ධ වෙමින් ඇතැයි ද සඳහන් වෙයි.

හර්ෂද සිල්වා මහතාගේ ආසානය වන කෝටේ ආසනයද මෙවර ජනධිපතිවරණයේදී දැඩි පසුබෑමකට ලක් වුනේ තුන් වන ස්තානය හිමිකරමිනි.

මෙහිදී හර්ෂද ඩසිල්වා මහතා හට නාවල පිහිටි පක්ෂ කාර්‍යාලයේදී දැඩි දෝෂාදර්ශනයක් එල්ල කිරීමට පාක්ෂිකයන් කටයුතු කලේය.

Related posts

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපට ගැන අලුත් චක්‍රලේඛයක්

Admin

අප්‍රේල් 01 සිට අලුත් වැට් බද්දක්.. ආදර්ශය ඝානාවෙන්

colombotoday

“මෙරට මැතිවරණ ක්‍රියාවලිය ඉතාමත් දූෂිත හා දුර්වලයි”

colombotoday

ශ්‍රී ලංකා යුද හමුදාව UN සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නවත්වයි

colombotoday

මගේ පිටකොන්ද ජාත්‍යන්තරයට පෙන්නුවා.. හුසේන්ගේ යෝජනාව පැය 24න් ප්‍රතික්ෂේප කළා

colombotoday

ඡන්දය දෙනවනම් බදු ගෙවන්න. 18ට වැඩි සියලු දෙනා බදු ලිපිගොනුවක් විවෘත කිරීම අනිවාර්යයි. – ඇමති සුරේන් රාඝවන් කියයි

colombotoday