Colombo Today Local News

රට අනුරට යතැයි බියෙන් ආයෝජකයන් බැදුම්කර විකුණා රටින් යයි

ජනාධිපතිවරණයක් ආසන්නයේ තිබෙන ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අවිනිශ්චිතතාවය මත ශ‍්‍රී ලංකාවේ ඩොලර් බැඳුම්කරවල ආයෝජනය කර සිටින ආයෝජකයන් ඒවා විකුණා දැමීමට උත්සුක වී ඇතැයි බ්ලූම්බර්ග් ප්‍රකට ව්‍යාපාරික වෙබ් අඩවිය සඳහන් කරයි.

මෙම තත්ත්වය මත මැතිවරණයට පෙර ගතවන අවසන් දවස් කිහිපයේ බැදුම්කර විකුණාදැමීමට වෙළඳපළ දැඩි තරගකාරීත්වයක් ඇතිවී ඇති බවත් එහි සදහන්ය.

ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය වෙනසකින් ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡා අවුල් විය හැකි බවත් ඉන් ආයෝජකයන් කැළඹීමට පත්ව සිටින බවත් සදහන්ය.

ජනාධිපතිවරණයට ඉදිරියෙන් සිටින විපක්ෂයේ නායකයන් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩපිළිවෙළේ කොන්දේසි යළි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැවසීමත් සමඟ මෙම තත්ත්වය උදාවී ඇත.

එම වෙබ් අඩවිය විශේෂයෙන්ම පෙන්වා දෙන්නේ ජාතික ජන බලවේගය අපේක්ෂක අනුර දිසානායක මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා ආරම්භ කිරිමත් බහු පාර්ශ්වීය ණය දෙන්නන් සමග එකඟ වී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ රාමුවට විරුද්ධත්වය පළ කිරීමත් මෙම තත්වයට බලපා ඇති බවය.

Related posts

ද්‍රවිඩ සන්ධානයට පූස් පැටවු වුණත්, වැලිකඩ ඉන්නේ දරුණු කොටි

colombotoday

වෙල්ගම සජිත් සමග එක්වෙයි !

colombotoday

චීනයෙන් ලබාදෙන මානුෂිය ආධාර වල පළමු සහල් තොගය නැව්ගත කරයි

colombotoday

මිළ සූත්‍රය අනුව ලබන මාසයේ ඉන්ධන මිළ පහල යා හැකියි…

colombotoday

යල කන්නයේ පොහොර මිලදී ගැනීමට ගොවීන්ට වවුචර් නිකුත් කිරීම අද සිට..

Admin

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ සැකකරුවන්ට ඇප

colombotoday