Colombo Today Local News

දිවයින පුරා වෛද්‍යවරු අදත් වර්ජනයේ

සිය ගැටලු සඳහා නිශ්චිත විසඳුමක් ලැබෙන තෙක් දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය අද (22) දිනයේ ද ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් වු බවය.

කෙසේවෙතත් අද දිනයේ ද අත්‍යවශ්‍ය හදිසි ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කර ඇත.

ඊයේ දිනයේ වෛද්‍ය වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවට පත්වූ බව වාර්තාවේ.

Related posts

පාලිත තෙවරප්පෙරුම මැතිවරණ පනත උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක

colombotoday

ඩුබායි සුද්දා අධිකරණයට

Admin

බදුල්ලේදී මගී ප්‍රවාහන බස් රථය ප්‍රපාතයකට පෙරළෙයි

Admin

ප්‍රතිව්‍යුහගතකරණයට මුවා වී රාජ්‍ය වැවිලි සමාගමත් විකිණීමට සැරසේ !

colombotoday

ආර්ථිකය ගොඩ ගන්න ඇමරිකානු සමාගමක් ගෙන්වයි.. ඩොලර් මිලියන 3ක් ගෙවන්න කැබිනට් අනුමැතිය

colombotoday

සහල්, සිමෙන්ති සහ ඖෂධ ආනයනයට පකිස්ථානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක්

colombotoday