Covid 19

යාපනය පොලිසියේ නිලධාරීන් 20කට කොරෝනා

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් කොරෝනා පොකුරක අවදානමක් පවතින බවට උතුරුපලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ.කේදීස්වරන් මහතා පවසා සිටියේය.

අප්‍රේල් මාසයේ පසුගිය 12 වනදා සිට 20 වනදා දක්වා යාපනය පොලිසියේ සේවයේ නිරත නිලධාරීන් 09 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්ථා වීමත් සමග යාපනය පොලිසියේ අදාල නිලධාරීන් සමීප ආශ්‍රිතයින් පී.සී.ආර්. පරික්ෂණයට යොමු කරන ලදි.

මේ අනුව අදාල පී.සී.ආර්. පරික්ෂණ වාර්ථා ඊයේ (21)දින රාත්‍රියේ ලැබී තිබූ අතර එහිදී තවත් පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

යාපනය පොලීසියේ පවතින වාතාවරනය අනුව වෛරසය ආසාදිත පොලිස් නිලධාරීන් සමීපව ඇසුරු කරන ලද සෙසු පොලිස් නිලධාරීන්ද මේ වන විට නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

Related posts

තවත් කොවිඩ් මරණ 40ක්

colombotoday

එන්නත්වලින් 75% ක් රටවල් 10 ක. | දුප්පත් රටවල ජනතාව ආරක්‍ෂා කිරීමේ නව සැලසුම් සකස් කළ යුතුයි. | ලෝක සෞඛ්‍ය සංවිධානය

colombotoday

අලුත්ගම මංගල උත්සවයට ගිය තවත් 21කට කොවිඩ්

colombotoday

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

බොරැල්ල පොලීසියේ තවත් ආසාදිතයින් 41 ක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 180ක් – කොටුව පොලිසියත් තාවකාලිකව වසා දමයි

colombotoday