Colombo Today Local News

පිළිකා රෝගීන් අනතුරේ? ඖෂධ විසිහතරක හිඟයක්

පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග විසිහතරක (24) හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයෙන් අනාවරණය වෙයි.

පියයුරු පිළිකා, මොළයේ පිළිකා, අමාශයේ පිළිකා, පෙණහලු පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ඖෂධ අවශ්‍ය වෙයි.

වසරකට මෙරටින් පිළිකා රෝගීන් විසිනවදහස් හයසිය හතරක් (29604) වාර්තාවන අතර ඉන් නවදහසකට (9000) අධික ප්‍රමාණයක් පියයුරු පිළිකා රෝගීන් වෙයි.

ඒ අනුව මෙලෙස හිඟ ඖෂධ වර්ග වන්නේ procarbazin 50mg, Asparaginase 10000iu, Cyclophosphamide 50mg Dexamethasone 4mg ඇතුළු ඖෂධ වර්ග විසිහතරකි. මේ සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශය දැනුවත් කර ඇතත් මෙතෙක් ඖෂධ ලැබී නැති බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ ලබා දෙන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. කෙසේ වෙතත් ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා පවසන්නේ ඖෂධ වර්ග තුනක පමණක් හිඟයක් ඇති බවය.

මෙම වසරේ පිළිකා නාශක ඖෂධ වර්ග 177ක් රෝගීන් සඳහා අවශ්‍යව තිබූ අතර එම ඖෂධවලින් අගෝස්තු මාසයට පෙර ලබා ගැනීමට නොහැකි වූයේ ඖෂධ වර්ග තුනක් පමණක් බවත් හෙතෙම සඳහන් කරයි.

විශේෂයෙන්ම සැපයුම්කරුවන් නොමැති වීම නිසා මෙම ඖෂධ වර්ග ලබා ගැනීමේ ගැටලුවක් පවතින බවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.

Related posts

නියෝජ්‍ය කතානායකටත් ඉවත්වන ලෙස දැනුම් දෙයි?

Admin

තවුහිත් ජමාත් සමාජිකයෙකු බවට සැකකරන පාර්ලිමේන්තු සේවකයෙක් අත්අඩංගුවට

colombotoday

සයිනොෆාම් එන්නත් තොගයෙන් මාත්‍රා 125,000 ක් දිස්ත්‍රික්ක 3ක ජනතාවට වෙන් කරයි

colombotoday

ඡන්ද නීති ප්‍රතිසංස්කරණයට විද්වත් කමිටුවක් පත් කෙරේ

colombotoday

දේශීය කිරි ගොවියා නංවන ජනපතිගේ කතා සුස්සක් වෙයි.. බහුජාතික සමාගම් විෂ කිරි පොවා රටම ලෙඩ කරයි !

colombotoday

GOOGLE බැලූනය ගම්පොලට කඩාවැටේ! ආරක්ෂිතව ගොඩබැස්සුවාද? උපන්ගෙයිම මියැදුනාද? (PHOTOS)

colombotoday