Colombo Today Local News

මානුෂීය මෙහෙයුම සමයේ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකට රටින් පිටවීම තහනම් කරයි !

යුද්ධයේ අවසන් සමයේ නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ කපිතාන් ඩී.කේ.පී දසනායක මහත විදෙස් ගතවීමට කරනු ලැබූ ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් ඊයේ (06) ප්‍රතික්ෂේප කළාය.

ඒ, කොටහේන සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල දෙමළ තරුණයන් 11 දෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට අදාල නඩුව අද කැදවූ අවස්ථාවේදීය.

තමාට පුහුණුවක් සඳහා විදෙස් ගතවීමට අවසර ලබාදෙන ලෙස මීට පෙර හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

එහෙත් අද පෙරවරුවේ එම නඩුව කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ හිටපු නාවික හමුදා ප්‍රකාශකවරයා මෙම නඩුවේ සැකකරුවෙකු කිරීමට ප්‍රමාණවත් කරුණු පවතින බැවින් මොහුට විදෙස් ගතවීමට අවසර ලබා නොදෙන ලෙසයි.

ඒ අනුව කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය හිටපු නාවික හමුදා ප්‍රකාශකවරයා කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

Related posts

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව රතන හිමි සටනට

colombotoday

මීගමුව ආපන ශාලාවක තිබී බෝම්බයක් හමුවෙයි…

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට

Admin

ජනපති මහ බැංකු නිලධාරීන්ට දුන් පැය 24ක කාලයේදී සංචිත අනුපාත පහල දමයි.. වෙළදපලට සම්පූර්ණ වශයෙන් බිලියන150ක්

colombotoday

බ්‍රහස්පතින්දා ඡායා චන්ද්‍රගහණයක්

colombotoday

ඩොලර් සංචිත පහළට

Admin