Colombo Today Local News

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

කටුනායක, වලානගොඩ ප්‍රදේශයේ තම නවාතැන් පොළෙන් පැනගිය කොවිඩ් ආසාදිතයා සොයා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අද (22)දින උදෑසන කටුනායක, 18 කණුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවය.

පසුව ආසාදිතයා 1990 ගිලන්රථ සේවය මඟින් මීගමුව රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු පදවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 25 හැවිරිදි ආසාදිතයා සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් අනතුරව කොවිඩ් ආසාදිත බවට තහවුරු විය.

ඒ අනුව එම පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා ගෙන යෑමට කටයුතු සුදානම් කර තිබිය ඊයේ (21) දිනයේ දී පළාගොස් තිබුණි.

Related posts

කැලෑ ගිණි තබන්නන්ට ජනපතිගෙන්නම් විසුමක් නැතිවෙයි.. කර මුලින් හිර කරන්න නීති තද කරයි

colombotoday

අම්පාර මුස්ලිම් සාම සමුළුවත් ඥානසාර හිමිට පොදු සමාව දෙන්නැයි ජනපතිගෙන් ඉලල්යි

colombotoday

භූමදානය දෙන්න හදන බෝර්න් එගෙන් කල්ලියට යටවුනු හොර කොවිඩ් කමිටුව අහෝසි කරන්න.

colombotoday

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin

කොකේන් අදින මන්ත්‍රීවරයෙකුගේ නමක් රන්ජන් හෙළිකරයි…

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1649 දක්වා ඉහළට

colombotoday