Colombo Today Local News

ඇමති රාජිත ඇහින් දැක්කායි කී තජුඩීන් මරණයේ CCTV දර්ශනවල මොකුත් නැතැයි කැනඩාව කියයි !

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සදහා කැනඩාවේ ෆොරෙන්සික් විද්‍යා හා තාක්ෂණ ආයතනය වෙත යැවූ CCTV දර්ශන පැහැදිලිව හදුනාගත නොහැකි බවට එම ආයතනය අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත වාර්තාවක් මගින් දන්වා තිබේ.

කැනඩාවේ වාන්කුවර් හි පිහිටි forensic video and Surveillance Technology laboratory British Colombia Institute of technology ආයතනයේ පාථමාලා ප්‍රධානී ඩේවිඩ් මැකී මහතා විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ අදාල CCTV දර්ශණවල අඩු ගුණාත්මකභාවයත් යුතු බවත් එම කැමරාද සංවේදී බවෙන් අඩු ඒවා වන බැවින් එහි අඩංගු දර්ශන පැහැදිලිව හදුනාගත නොහැකි වී ඇති බවයි.

නමුත් දැනට ටික කලකට පෙර ඇමති රාජිත සේනාරත්න ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙම CCTV දර්ශණවල තජුඞීන් ඝාතනය ඉතා පැහැලිදිව තමන් දුටු බවයි.

 

Related posts

බසයක් සහ බවුසරයක් ගැටෙයි

Admin

අමල් ඇතුළු 18ක් කොකේන් පාවිච්චි කරලා… තවත් 8ක් ළග කොකේන් තිබිලා – ඩුබායි පොලිසිය තහවුරු කරයි

colombotoday

“ඇමතිවරු “සිංගල් එන්ජින්” හෙලිකොප්ටරෙන් ගමන් යන්නේ යහපාලනය නිසයි” – ඇමති සජිත්

colombotoday

අනුරගේ ඉන්දියා-චීන ගිවිසුම් කොළඹට ප්‍රබල මැදිහත්වීමක්

Admin

“රට කිරිපිටි සමාගමක් මේරට ආක්‍රමණය කරලා, ඇමතිලාටත් වරප්‍රසාද.. දේශීය කිරි කර්මාන්තය අනතුරේ” – ජනපති

colombotoday

“යුද අපරාධ චෝදනා පරීක්ෂණයට විදෙස් විනිසුරන් නෑ” ජනපති යළිත් අවධාරණය කරයි

colombotoday