Colombo Today Local News

උතුරේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය අවලංගුයි | සෞඛ්‍ය උපදෙස් අනුව සංකේතාත්මක කෙටි වැඩ සටහනක් කොළඹ ගංගාරාමයේදී

රාජ්‍ය වෙසක් උත්සවය සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව සංකේතාත්මක කෙටි වැඩ සටහනක් ලෙස මෙම 24 වැනිදා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන ප්‍රකාශ කරන්නේ පවතින සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගෙන ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් පවුලේ සියලු දෙනා සමග නිවසේ සිට මෙවර වෙසක් උත්සවය සමරන ලෙසයි. දිවයිනේ සියලු නගර, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ නිවාස බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවන අයුරින් වෙසක් සැරසිලිවලින් අලංකාර කරන ලෙසද ඉල්ලා සිටී.

යාපනය, නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය, පවතින කොවිඩ් ව්‍යාප්තිය නිසා අවලංගු කළ බැවින් මෙසේ එය සංකේතාත්මකව කොළඹදී පැවැත්වීමට කටයුතු කරන බවද ලේකම්වරයා ප්‍රකාශ කර සිටී.

කෙසේ වෙතත් වෙසක් උත්සවයට සමගාමීව යාපනය කේන්ද්‍ර කර ගනිමින් උතුරු පළාතේ ක්‍රියාත්මක කළ සියලු සංවර්ධන කටයුතු හා අඩු ආදායම්ලාභී පවුල් සහ පාසල් දරුවන් වෙනුවෙන් සූදානම් කළ ප්‍රජා සත්කාර වැඩසටහන් අදියර වශයෙන් ක්‍රියාත්මක කරන බවද ලේකම්වරයා කියා සිටී.

Related posts

මිලියන 205ක රත්‍රන් තොගයක් සමග කාන්තාවක් රේගු භාරයට

colombotoday

ලන්ඩනයේ LTTE සැමරුම් උත්සව

colombotoday

හිතෙන ගණන් කියන්න බෑ – ඉදිරියේදී පොදු ගාස්තුවක්

Admin

මෛත්‍රී 65 සමරද්දී ඒකාබද්ධ විපක්ෂය පළමු ආසන බළමණ්ඩලය හක්මණදී පිහිටුවයි

colombotoday

සයින්දමරුදු නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි

colombotoday

“අස්ගිරි නාහිමිට, දඹලු විහාරයට බලපෑම් කිරීම වැරදියි“ – SB අගමැතිට, අකිලට එරෙහිව කට අරී

colombotoday