Colombo Today Local News

ආදාහනාගාර ගාස්තුත් 2000කින් වැඩිවෙයි

ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ආදාහන සඳහා අයකරන ආදාහනාගාර ගාස්තු සංශෝධනය කිරීමට කුලියාපිටිය නගර සභාව තීරණයක් ගෙන ඇත.

සේවාලාභීන්ට එම වැඩි වන ගෑස් මිලට පමණක් වන සේ නාගරික ආදාහනාගාරයේ දැනට අයකරන මුදල රුපියල් දෙදහසකින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

කුලියාපිටිය නාගරික හා ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා මෙතෙක් අය කළ රුපියල් අට දහස වෙනුවට දස දහසක මුදලක් අයකිරීමටත් ඉන් බැහැර පුද්ගලයන්ගෙන් රුපියල් නවදහස වෙනුවට රුපියල් එකොළොස් දහසක් අයකිරීමටත් තීරණය කර ඇත.

යම් යම් අවස්ථාවන්හි ගෑස් මිල ඉහළ දැමූ අවස්ථාවන්හිදී එසේ මිල සංශෝධනය නොකළ ද මෙවර ගෑස් මිල ඉහළ යාම දරාගත නොහැකි නිසාවෙන් එසේ ඉහළ දැමීමට සිදුවන බව එහිදී සභිකයන් ඒකමතිකව තීරණය කරමින් එසේ ආදාහනය සඳහා මෙතෙක් ලබාගත් මුදල වැඩි කිරීමට තීරණය කර තිබේ.

Related posts

අද මධ්‍යම රාත්‍රීයේ සිට විදෙස් රටවල් 6කින් එන මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම්

colombotoday

උප්පැන්න,විවාහා සහ මරණ සහතික පිටපත් සීමාවකින් තොරව වලංගුයි.

colombotoday

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර තේ වත්තකින් හමු වෙයි

Admin

පළමු වාරය අවසන් දිනය ගැන නිවේදනයක්

Admin

කැලණිතිස්ස බලාගාරය අක්‍රීය කරයි

Admin

පොහොට්ටුවේ ආණ්ඩුවකින් රාජිතට වෙන දේ මහින්ද කියයි !

colombotoday