Colombo Today Local News

2030 දී සමස්ථ විදුලි ඉල්ලුමෙන් 70% පුනර්ජනනීය බලශක්තියෙන්

2030 වසර වන විට මෙරට සමස්ථ විදුලි අවශ්‍යතාවෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස්කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දේශගුණික විපර්යාස හේතුවෙන් ගල්අඟුරු සහ ඛනිජ තෙල් වැනි පොසිල ඉන්ධන අතහැර ලොව සියලු රටවල් පුනර්ජනනීය බලශක්ති වෙත යොමුවෙමින් සිටින අතර මෙරට විදුලි ඉල්ලුමේ වාර්ෂික වැඩි වීම සියයට 6ක් බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වාදෙයි.

එමෙන්ම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමත් සමග බලශක්ති ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවට ද ගණන් බලා තිබේ.

මෙම තත්ත්වයන් හමුවේ අනාගත පරපුරට ප්‍රතිඵල භුක්ති විදීමට ඇති තිරසර සංවර්ධනයකට මඟපාදනු පිණිස හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන් භාවිත කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

සූර්යබල, සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (14)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

ව්‍යාපෘතියකට අනුමැතිය ලබාදීමේ දී බලය ඇති ආයතන ශක්‍යතා වාර්තා සකස් කර තබාගත යුතු අතර අනුමැතිය කඩිනමින් ප්‍රදානය කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

යම් ව්‍යාපෘතියකට අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලුම් කළ අවස්ථාවන්වල දී දින 14ක් තුළ ඊට පිළිතුරක් නොදුනහොත් එය අනුමත වූවක් ලෙස සැලකීම උචිත බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Related posts

නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරියක් රිමාන්ඩ් !

colombotoday

ශ්‍රී ලංකාව UNHRC 30/01 යෝජනාවෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය

colombotoday

මෙරට ඛනිජ තෙල් වෙළඳාමට විදෙස් සමාගම් 3කට අවසර

Admin

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නැති අවදානම් එන්නතක් අපේ රටට ගෙනල්ලා වැඩක් නෑ.

colombotoday

ජපන් රැකියා සඳහා අයදුම්පත් කැඳවීම් ඇරඹෙයි. ටැටූ (Tattoo) තිබුණොත් රැකියා නැහැ

colombotoday

ජාතිය වසන් කෙරෙන පරිදි නම් වෙනස් කිරීම් තහනම්…

colombotoday