Colombo Today Local News

තෙල් ඉල්ලා තග දැමූ දොස්තරට පොම්පකරුගෙන් ගුටි පූජවක්

තෙල් ඉල්ලා තග දැමූ දොස්තරට පොම්පකරුගෙන් ගුටි පූජවක්

ඉන්ධන ලබාගැනීමට යෑමේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් වෛද්‍යවරයෙකු සහ ඉන්ධන හලේ සේවකයෙකු අතර ගැටුමක් ඇතිවී තිබේ.

ගැටුමෙන් තුවාල ලැබූ වෛද්‍යවරයා රෝහල්ගත කර ඇති අතර පහරදීමට සම්බන්ධ ඉන්ධන හලේ පොම්ප ක්‍රියාකරු ලෙස කටයුතු කළ සේවකයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

QR කේතයට ඉන්ධන ලබාගැනීමට යෑමේදී මෙම ගැටුම හටගෙන ඇති බව පානදුර දකුණ පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර නල්ලූරුව ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවෙකු බවත්, ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලීසිය පැවසීය.

අදාළ වෛද්‍යවරයා පෙරේදා (15) අලුයම 5.20 ට පමණ මෝටර් රථයට ඉන්ධන ලබාගැනීම සඳහා තවත් තිදෙනෙකු සමග එම ඉන්ධන හලට පැමිණ තිබුණි.

එහිදී QR කේතයේ ඉතිරිව ඇති රුපියල් 4,000ක ප්‍රමාණයට වඩා ඉන්ධන ඉල්ලුම් කිරීමේදී දෙදෙනා අතර කතාබහක් සිදුවී ඇති බව අනාවරණය වූ බව පොලීසිය කියයි.

පසුව පිරවුම්හලේ ආරක්ෂක නිලධාරියාව ද තල්ලුකර දමා පොම්පකරුගේ කනට පහරක් එල්ලවී ඇති අතර එහිදී පොම්පකරු පොල්ලක් රැගෙනවිත් එළව එළවා පහරදී ඇති බවද පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.

ගැටුම සිදුවන අවස්ථාවේ වෛද්‍යවරයා සමග පැමිණි තිදෙනා වෛද්‍යවරයා තනිකර පළාගොස් ඇති බවත්, පොම්පකරුට පහරදීම සම්බන්ධයෙන් අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිස් නිලධාරීයෙක් පවසයි.

පහරකෑ වෛද්‍යවරයා රෝහල්ගතව ඇති බවත් ඔහු බන්ධනාගාර රෝහලක රාජකාරි කරන අයෙකු බවටත් දැනගන්නට ලැබී ඇති බවද පොලීසිය කියයි.

පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

යල කන්නය සදහා ජලය නිකුත් කිරීම ආරම්භ කරයි

Admin

හෙරොයින් එක්ක ලාන්ස් කොප්‍රල්වරයෙක් මාට්ටු

Admin

“අපි හැප්පුවේ නෑ, ඇවිත් හැප්පුනා.. අධිබල යතුරුපැදි භාවිතය තහනම් කළ යුතුයි” – ඇමති චම්පික

colombotoday

චම්පික රණවක හෙළ උරුමය අතහැර එජාපයට !

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරු ඇමති ධුර ලබා ගැනීම කල්යයි

colombotoday

යුද බිමේ විරුකම් පා හමුදාවට සමුදෙන අභීත සෙන්පතියා

colombotoday