Colombo Today Local News

2021 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ඇරඹෙයි

2021 වර්ෂය සඳහා වන ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ජාතික හැඳුනුම්පතක් හිමි සැම පුද්ගලෙයකුම තම නම ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව එම කොමිෂන් සභාව දැනුම් දෙයි.

ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීම සඳහා තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරුන් හමුවී බී.සි ආකෘති පත්‍රය පුරවා මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

පසුගියදා මහා මැතිවරණය හේතුවෙන් මෙවර ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු කල් දැමීමට සිදුවු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව මෙම ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ කටයුතු ලබන වසරේ පෙබරවාරි මාසයේ දී සිදුකිරිමට නියමිතව තිබේ.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසුව පැවැත්වුණ හොත් එම මැතිවරණය සඳහා යොදාගනු ලබන්නේ මෙම ඡන්ද හිමි නාමලේඛනය බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර බී.සි ආකෘති පත්‍රය ග්‍රාම නිලධාරින්වරු විසින් සියලුම නිවාස වෙත ලබා දීමට ද පියවර ගන්නා බව ඔවුන් සඳහන් කළේය.

Related posts

ශ්‍රී පාද වන්දනාකරුවන්ට විශේෂ නිවේදනයක්

Admin

ලසන්ත ඝාතනය ගෝඨ පටලවන්න කට උත්තර දුන් ෆොන්සේකා තමන්ට විරුද්ධවම සාක්ෂි දී ගනී

colombotoday

අලුත් සීමා නීර්ණයෙන් ශ්‍රීපාදස්ථානය බහුතර සිංහල පාලන බලප්‍රදේශයෙන් ඉවතට !

colombotoday

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ගිය ජනපති යළි දිවයිනට

colombotoday

දිවයින පුරා වනජීවි නිලධාරින් සංකේත වැඩවර්ජනයක..

Admin

බෑයක මිලට සතොස හරහා පොල් ගෙඩියක්ම වෙලදපලට

Admin