Colombo Today Local News

“පාසල් අගෝස්තුවේ විවෘත කරනවා”

දිවයිනේ පාසල් ලබන මස අග විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවද හෙතෙම සඳහන් කරයි.

මේ අතර රට පුරා පාසල් ගුරුවරුන්ගෙන් සියයට 63කටද බස්නාහිර පළාතේ ගුරුවරුන්ගෙන් සියයට 97කටද කොරෝනා මර්දන එන්නත මේවනවිට ලබාදී ඇතැයි ප්‍රකාශ කළේය.

සෙසු ගුරුවරුන්ටද ඉදිරි දිනවල එන්නත ලබාදීමට කටයුතු කරගෙන යන බව මහාචාර්යවරයා කීවේය.

අවුරුදු 12 වැඩිපාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට අවධානය යොමු යොමුවී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

Related posts

“මහ ඇමති මුස්ලිම් වුණත් කමක් නෑ.. උතුර නැගෙනහිර එක්කර එක පළාත් සභාවක් ඕනමයි“ – TNA

colombotoday

නීති විරෝධී වත්කම් විමර්ශනයට නව පොලිස් ඒකකයක්

colombotoday

ත්‍රිරෝද රථ දෙවන කිලෝමීටරයට අය කළ ගාස්තු පහළට

colombotoday

රහස් ඡන්දයෙන් පොහොට්ටුව දිනයි.. ගාල්ල නගරසභාවත් පොහොට්ටුවට

colombotoday

ජනපතිගේ නව බද්ද

Admin

දිනකට ගෙවල්බිඳීම් සහ රන් මාල කොල්ලකෑම් 25ක්

colombotoday