Colombo Today Local News

2018 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

නව සඳ බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 18 වැනි ඉරිදා දිනයේ ද, අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 20 වැනි සිකුරාදා දින ද නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 12 වැනි බ්‍රහස්පතින්දා දින බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 08.13ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 01.49 සිට අපර භාග 02.37 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා දින පූර්ව භාග 01.49ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 08.13 සිට අපර භාග 02.37 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකැත් චාරිත්‍ර විධි ඉටු කිරීම ද මැනවි.

ආහාර පිසීම
අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 10.40ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරිබතක් ද අග්ගලා සහ තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 11.53ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම
අප්‍රේල් මස 16 වැනි සඳුදා දින පූර්ව භාග 10.16ට උතුරු දිශාව බලා හිසට දිවුල් පත් ද, පයට ඉඹුල් පත් ද තබා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 19 වැනි බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 06.03ට නැගෙනහිර දිශාව බලා රන්වන් හෝ කහ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, කිරිබතක් හා හකුරු මිශ්‍ර ආහාරයක් අනුභව කර පිටත්ව යෑම මැනවි.

(සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසින් සකසන ලද නැකැත්)

Related posts

දෙදරු මවක් සැමියාගේ පහරකෑමෙන් මරුට

Admin

සිර දඩුවමට එරෙහිව ඥාණසාර හිමිගෙන් ඇපෑලක්

colombotoday

තරුණයාගේ අත කැඩුවාට ලක්ෂයක් වන්දි ගෙවන්න පොලීසියට නියෝග

colombotoday

ආණ්ඩුවට විරුද්ධව පාගමන් ගියොත් වෙනදේ බලාගමු !

colombotoday

ප්‍රථම වරට මෙරටින් හඳුනා ගත් ගව වෛරසය දිස්ත්‍රික්ක 14ක පැතිරෙයි.

colombotoday

අත්අඩංගුවට ගත් ජමාත්තේ ඉස්ලාමි හිටපු නායකයාගේ දේශනාවලට මුස්ලිම් කටයුතු අමාත්‍යංශය අනුග්‍රය දක්වලා

colombotoday