Colombo Today Local News

20 විරෝධයක් ගැන තමන්වහන්සේව දැනුවත්ව කර නෑ – රාමඤ්ඤ මහා නිකායේ මහනායක හිමි කියති

රාමඤ්ඤ මහ නිකායේ මහලේඛාධිකාරී හිමියන් ඇතුළු මහා සංඝරතනය විසින් පවත්වන්නට යෙදුණු මාධ්‍ය හමුව පිළිබඳව තමන් වහන්සේ දැනුවත්ව නොසිටි බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නායක හිමියෝ පවසති.

ඊයේ (12) පැවති එම මාධ්‍ය හමුවේ දී දැක්වු කරුණු පිළිබඳව තමන් වහන්සේගෙන් විමසීමක් හෝ නොකළ බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.

අද (13) මහනායක හිමියෝ වැඩසිටින මැණික්හින්න හූරීකඩුව විද්‍යාසාගර පිරිවෙනේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ පැවසුහ.

“ශාරීරික වෙහෙස නිසා මා වැඩිපුර ගමන් කරන්නේ නැහැ. ඒ නිසා ඊයේ වුණා කියන එක මම දන්නේ නෑ. යම් රැස්වීමක් නිකාය පිළිබඳ කරේ නම් මා දැනුවත් කළ යුතුව තිබුණා. නැතිනම් මහනායක හිමියන් නොදැන ප්‍රකාශ කිරීමට යෝග්‍ය නැති බව ලේකම්වරු දැනගත යුතුයි. අනික් අයත් දැන ගත යුතුයි. අපේ අනුදැනුමක් නැතිව එවැනි ප්‍රකාශ කරන ඒවා භාර ගන්න කෙනෙක් නැහැ.“

මහනායක හිමියන් වැඩිදුරටත් පවසා ඇත්තේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කතිකාවත අනුව එම පාර්ශවයේ මහා සංඝරතනයට දේශපාලනයට සම්බන්ධ නොවන ලෙස සඳහන් කර ඇති බවත්ය.

ඒ අනුව දේශපාලනය සම්බන්ධ කරුණු පිළිබඳව අදහස් දැක්වීම සිදුනොවිය යුත්තක් බවත් උන්වහන්සේ පැවසීය.

ප්‍රජාත්‍රන්ත්‍රවාදයට එරෙහි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අක්‍රීය කිරීමට වහාම පියවර ගත යුතු බව ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාව ඊයේ පවසා සිටියේය.

Related posts

රාජගිරියේ තදබදයෙන් දහස් ගාණක් අමාරුවේ

Admin

ඇමෙරිකා තානාපතිනිය සහ නව විදේශ ඇමති අතර හමුවක්

colombotoday

සාම්පූර්වලින් තවත් අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10ක් අල්ලයි.. දෙමළ, මුස්ලිම් 7ක් දැලේ !

colombotoday

බැඳුම්කර වාර්තාව හෙට ජනපතිට – ජනපතිගෙන් නීතිපති දෙපාර්තමේන්තුවට

colombotoday

පවතින සහල් තොග මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් – කෘෂිකර්ම ඇමති කියයි

Admin

ගාලු තරගයේදී ප්‍රේක්ෂකයන්ගෙන් දයාසිරිට විරෝධතා.. පොලිසියෙන් අත්අඩංගුවට ගනී !

colombotoday