Colombo Today Local News

20 ගේන්නේ බැසිල් පාර්ලිමේන්තු ගේන්නද? මෛතී‍්‍රට තනතුරු දෙන්නද?

ආණ්ඩුව 20 වැනි ආණ්ඩුක‍්‍රම සංශෝධනය ගෙන එන්නේ රටේ ජනතාව වෙනුවෙන් නොව පුද්ගලයින් කිහිප දෙනකුට තනතුරු දීමට යැයි සමගි ජන බලවේගය ලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

සමගි ජන බලවේගය ප‍්‍රධාන කාර්යාලයේදී ඊයේ (31දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.

20 වැනි සංශෝධනයේ අරමුණ වී ඇත්තේ ද්විත්ව පුරවැසිභාවය ඇති අයකු මෙරට පාර්ලිමේන්තුවට ගෙනැවිත් අගමැති ධුරය ලබා දීමට යැයි පැවසූ හෙතෙම බැසිල් රාජපක්ෂ නැවත පාර්ලිමේන්තු ගෙන ඒමට හෝ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට තනතුරු නිර්මාණය කිරීම වෙනුවෙන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගෙන එන්නේ දැයි ප‍්‍රශ්න කරන බවද සඳහන් කළේය.

‘‘20 වෙනි සංශෝධනයෙන් මේ අය මොකක්ද කරන්නේ? පවතින ස්වාධීනත්වය නැති කරනවාද, නැත්නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කරනවාද? මේ රටේ ස්වාධීනත්වය ඇති කරපු ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරනවාද නැත්නම්, ඒවා තවත් ශක්තිමත් කරනවාද කියා අපි අහනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕනේ රටේ ජනතාවගේ අයිතීන් ශක්තිමත් කරන්න මිසක් එක් එක් තනි පුද්ගලයින්ගේ සුව පහසුව සඳහා නොවෙයි. අපිට ආරංචි විදිහට 20 වෙනි සංශෝධනය ගේන්නේ පුද්ගලයින් පාර්ලිමේන්තු ගේන්න. පුද්ගලයින් අගමැති කරන්න. ජනපතිවරු කරන්න. හිටපු ජනාධිපතිවරුන්ට තනතුරු දෙන්න’’ යැයි ද රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

“කවුරු මොන බලපෑම් කරත් හම්බන්තොට චීනයට දෙන ගිවිසුම අත්සන් කරනවා“ – එජාපය

colombotoday

කොකේන් කිලෝ 729ක් හෙට විනාශ කරයි – අධීක්ෂණයට ජනපතිත් එයි

colombotoday

“ව්‍යවස්ථාවෙන් සුළු ජාතික උවමනා ඉටුකළොත්, යුද අපරාධ චෝදනා ඉවත්කරගන්නවා“ – බටහිර රටවල් දන්වයි

colombotoday

ඇමතිලාගේ වියරු හැසිරීම් වලට අපි බය නැහැ: මැයි 05 වර්ජනය ස්ථීරයි – ‍GMOA

colombotoday

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාල සීමාව මාස තුනකින් දීර්ඝ කෙරේ.

colombotoday

අටුලුගම දැරිය ඝාතනය : සැකකරු රිමාන්ඩ්

colombotoday