Colombo Today Local News

20ට විපක්ෂයෙන් විරෝධය

20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතුළත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂය කොළඹදී අද (04)දින පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඒ පිළිබඳ අදහස් පළ කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ “19යේ වැදගත්ම දේ ව්‍යවස්ථාදායක සභාවට බලය ලබා දීම. උසස් නිලතලවලට පත්වෙන අය සම්බන්ධයෙන් ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහාත් අපක්ෂපාතී පුද්ගලයින් පත් කිරීම සඳහාත් ව්‍යවස්ථාදායක සභාවට බලය දුන්නා. විධායක ජනාධිපතිතුමාට සම්පූර්ණ බලතල තිබ්බා නම් විනිසුරුවරු නඩු තීන්දු දෙනකොට රජයට විරුද්ධව නඩු තීන්දුවක් දෙයිද?.” යනුවෙනි.

20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ද අද (04)දින මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ “20 වැනි සංශෝධනය හරහා යළි ආණ්ඩුව උත්සහ ගනිමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යූහයක සිට ගෝත්‍රික යුගයක් දක්වා ආපසු ගමන් කිරීමටයි.” යනුවෙනි..

Related posts

ලයිට් බිල 30%කින් අඩු කරන්නේ වසර තුනකින්

Admin

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම ඉවතට.. උදයංග ගැන එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ තීරණය මෙන්න

colombotoday

පුපුරන ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් බෝයවලානේ දී අල්ලයි

Admin

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්.

Admin

මහා සංඝරත්නයෙන් ආණ්ඩුවට නැවතත් රතු එළි (Video)

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි.

colombotoday