Colombo Today Local News

සරසවිවල භික්ෂුන්ගෙන් 45%ක් අවසන් වසරේදී සිවුරු අරිනවා – විදුර කියයි!

බෞද්ධ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන භික්ෂූන්ගෙන් 45%ක් අවසන් වසරේදී උපැවිදි වන බව අනාවරණය වේ.

පසුගිය දා පාර්ලිමේන්තුවේදී පැවැති බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී විදුර වික්‍රමනායක අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ ය.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමග ඉදිරියේදී සාකච්ඡා කොට ඊට අවශ්‍ය පියවර ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

වාර්ෂිකව පැවැත්වෙන කලායතන විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය රු. ලක්ෂ 32ක ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් විභාගය වසර 6ක් කල් ගොස් ඇතැයි ද කමිටුවේදී අනාවරණය විය.

මෙම විභාගය 2016 වසරේ පැවත්වීමට නියමිතව තිබුණත් මෙතෙක් විභාගය පවත්වා නැත. ප්‍රතිපාදන නොමැතිකම නිසා විභාගය වසර 6ක් කල් යාම පිළිබඳව සිය අප්‍රසාදය පළකළ විදුර වික්‍රමනායක අමාත්‍යවරයා මේ සඳහා වහා ම මැදිහත්ව විභාගය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යංශ ලේකම්වරයාට වැඩිදුරට ත් උපදෙස් දී තිබේ.

Related posts

පොරොන්දු ඉටු නොකළොත් GSP+ නැතිවෙයි – යුරෝපා සංගමය අනතුරු අගවයි

colombotoday

සෞඛ්‍ය උපදෙස් නිවැරදිව අනුගමනය නොකළහොත් නීති දැඩි කරනවා

colombotoday

වසර 60 ක තීරණයේ වෙනසක් : රජයේ ආයතනවල මහජන දිනය සදුදා දිනයට ගෙන එයි

colombotoday

ගංජා වවන්නත් අවසරයි

colombotoday

කෘෂි බෝග අපනයනය ඉහළ නැංවීමට සැලසුම්

colombotoday

2020 පාර්ලිමේන්තුවට යන ශ්‍රිලනිප 18 කල්ලිය

colombotoday