Colombo Today Local News

හෙට සිට වැසෙන නගර මෙන්න

රට තුළ මේ වන විට පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් නගර කිහිපයක වෙළෙසැල් සහ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට වෙළෙද සංගම් කිහිපයක් ස්වෙච්ඡාවෙන් තීරණය කර තිබේ.

එම නගරවල ඉන්ධන පිරවුම්හල්, ඖෂධ අලෙවිසැල් සහ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පමණක් විවෘතව තැබෙනු ඇති බව ද එම සංගම් සදහන් කරයි.
එලෙස වසා දැමෙන නගර පිළිබද තොරතුරු පහතින් වේ….

කුරුණෑගල දස්ත්‍රික්කයේ වාරියපොළ
ලබන 22 වැනිදා සිට සතියක කාලයක් කඩ සාප්පු වසා දැමිමට තීරණය කර ඇත.

පස්ගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ඌරුබොක්ක නගරය
හෙට (20) සිට දින 10ක කාලයක් වසා තැබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ නගරය
දිනකට දෙක බැගින් සහ අවශ්‍යතාව අනුව විවෘත කර තැබීමටත් තීරණය කර ඇත.

කිලිනොච්චිය නගරය
හෙට (20) සිට දින පහක කාලයක් වසා දැමීමට තීරණය කර ඇත.

හික්කඩුව නගරය
හෙට (20) සිට සතියක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව නගරය
21 දින සිට සතියක කාලයක් වසා දැමිමට තීරණය කර ඇත.

මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර නගරය
21 වැනිදා සිට 30 වැනි දින දක්වා වසා දැමීමට තීරණය කර තිබේ.

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සේවා අද සිට ඩිජිටල් ක්‍රමවේදයට

Admin

නි.පොලිස්පති අජිත් රෝහණගේ නම භාවිතා කර කප්පම් ගත් පුද්ගලයන් සොයා විමර්ශන ඇරඹෙයි

colombotoday

කැනඩාවට ගිය ශ්‍රී ලාංකික ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු සිසුවා බීමත් රියදුරෙකුට බිලිවෙයි

Admin

ග්ලයිෆොසෙට් මෙට්‍රික් ටොන් තිස්දාහක් වරායෙන් පිටකිරීමට සූදානම්.. ගෙන්වා ඇත්තේ තහනම ඉවත් කිරීමට පෙරයි..

colombotoday

ජා ඇලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සමග 06ක් අත්අඩංගුවේ

colombotoday

හොරෙන් ගෙනා ප්‍රාඩෝ 403ක්‌ ‘හොරෙන්ම’ මුදා හරින්න යහපාලන ප්‍රබල ඇමතිගෙන් රේගුවට නියෝග

colombotoday