Colombo Today Local News

බලංගොඩ-බගවන්තලාව මාර්ගයේ යන ලොරි රථ වලින් බඩු බෑ හොරු මාට්ටු

බලංගොඩ හා ඇඹිලිපිටිය ප්‍රදේශවල සිට තොග වෙළඳාම සඳහා කුළුබඩු ඇතුළු විවිධ භාණ්ඩ රැගෙන බලංගොඩ-බගවන්තලාව මාර්ගයෙන් හැටන් ප්‍රදේශයට ධාවනය කෙරෙන ලොරි රථ වලින් එම භාණ්ඩ සොරා ගන්නා සංවිධානාත්මක සොරුන් තිදෙනෙක් (18) දා අළුයම නෝර්වූඩ් පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් බව නෝර්වුඩ් පොලිස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ඒ.පී.ආර්. ප්‍රේමලාල් මහතා පැවසීය.

හැටන්, මස්කෙළිය, බලවන්තලාව, නෝර්වූඩ්, සාමිමලේ, තලවාකැලේ යන නගර වලට එළවළු, ධාන්‍ය වර්ග, කෙසෙල් කැන්, කුළුබඩු ඇතුළු විවිධ භාණ්ඩ තොග වෙළඳම සඳහා ව්‍යාපාරිකයින් විසින් වසර කීපයක් තිස්සේ ලොරි රථවලින් ප්‍රවාහනය කරන්නේ බලංගොඩ-බගවන්තලාව දක්වා ඇති මාර්ගයෙනි.

බගවන්තලාව-නෝර්වුඩ් ප්‍රධාන මාර්ගයේ, සෙන්ජෝන් ටිලරි ප්‍රදේශයේ, මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ගය අලුත්වැඩියා කරන කොටසක් ඇති බවත්, එම ප්‍රදේශයේදී අළුයම් කාලයේ ධාවනය කරමින් පවතින, පිටුපස කිසිවෙක් නොමැති ලොරි රථවලට එක් සැකකරුවෙක් නැග ලණු භාවිතා කරමින් භාණ්ඩ බිමට බෑම සිදු කරන බවත්, ලොරි රථය පිටුපසින් පැමිණෙ ත්‍රීවීල් රථයකට සිටින සැකකරුවන් දෙදෙනෙක් විසින් සොරාගත් භාණ්ඩ පටවාගෙන යාම වසර කීපයක් තිස්සේ සිදු කර ඇති බවට මූලික පරීක්ෂණවලදි අනාවරණය වී ඇති බව නෝර්වූඩ් පොලිස්ථානාධිපති ප්‍රේමලාල් මහතා පැවසීය.

නොර්වුඩ් පොලීසියට ලද තොරතුරක් අනුව පෙරේදා (18) දා අළුයම පොලිස් නිලධාරීන් පිරිසක් සෙන් ජෝන් ටිලරි ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ සැඟවී සිට ලොරි රථයකින් සොරා ගනිමින් සිටි එළවළු තොගයක්ද සමග මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පවසන පොලිස්ථානාධිපතිවරයා, සැකකරුවන් එක් වාරයකදී රුපියල් 50.000/- කට ආසන්න භාණ්ඩ සොරා ගැනීමක් සිදු කරන බවත්, පසුව එම භාණ්ඩ ප්‍රදේශයේ වෙළඳල්වලට අලෙවි කරන බවට සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බවත් කිවේය.

අවුරුදු 21, 22 හා 28 යන වයස් කාණ්ඩවල පසුවන සෙන් ජෝන් ටිලරි ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් තිදෙනා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය පැමිණවිමට නියමිත බව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් මහතා වැඩිදුරටත් පැවසීය.

ක්‍රිෂාන්තන්

Related posts

පානදුරේ හොර කච්චේරියක් වටලයි – හිටපු නගර සභා ලිපිකරුවක් අත්අඩංගුවට

Admin

අර්ජුන් මහෙන්ද්‍රන් ‘තාවකාලිකව’ ඉවත් කිරීමට අගමැති එකගයි.. කිළිකුණු හෝදා නැවත අධිපතිකමට ගතහැකියි !

colombotoday

ණය කන්ද ගැන ඇහෙන ඇඟ හිරිවැටෙන ආරංචිය

Admin

පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ

colombotoday

තවත් වසර 10කට එජාප මුල් පුටුව රනිල්ට.. 60පනින තුරු සජිත්ට නායකකම් නෑ.. තිබූ තනතුරත් අහෝසියි

colombotoday

අමාත්‍ය විෂය පථයන් කිහිපයක් සංශෝධනය කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මෙන්න..

colombotoday