Colombo Today Local News

විගණකාධිපති වාර්තාව ගැන සැකයි.. දේශපාලන හස්ථයක් පිටුපසින්.. නැතිනම් වාර්තාව මීට වෙනස්

kiriella 26

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට චෝදනා එල්ලවූ බැදුම්කර අක්‍රමිකතාව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා කෝප් කමිටුවට ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් තම පක්ෂයට සාධාරණ සැකයක් ඇතැයි මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

අගමැති කාර්යාලයේ ඊයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කිරිඇල්ල ඇමතිවරයා පැවසුවේ විශේෂඥ උපදෙස් නොමැතිව විගණකාධිපතිවරයා මෙම වාර්තාව සකසා ඇති බවත්, විශේෂඥ උපදෙස් අනුව මෙම වාර්තාව සැකසුවානම්, එහි අන්තර්ගතය මුළුමනින්ම වෙනස් වීමට ඉඩ තිබුණු බවයි.

විගණකාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය පිටුපස දේශපාලන හස්ථයක් ඇතිදැයි ඔහු වහාම රටට හෙළිකල යුතු බවද ඇමතිවරයා එහිදී පවසා තිබේ.

Related posts

ඉතිහාසයේ නොවූවිරූ දෙයක් වෙයි…. උද්ඝෝෂකයන් හමුවට ජනපති යයි !

colombotoday

ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන්නා බොරුනම් නඩු දමනු

Admin

නීති ප්‍ර වේශ විභාගය යළිත් පිල්ලි ගහලා…! අසමත් අය ඉහළින්ම සමත් වෙලා…!

colombotoday

කොරෝනා මෘත දේහ බහාලන්න කාඩ්බෝඩ් මිනිපෙට්ටි හදයි

colombotoday

ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැහැ

colombotoday

සජිත් ප්‍රේමදාස පිහිටුවන රජයෙන් බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනවා

colombotoday